විවිධත්වය ඒකීයත්වය කරා රැගෙන යන “උත්තම පුරුෂ”

විවිධත්වය ඒකීයත්වය කරා රැගෙන යන “උත්තම පුරුෂ”

දින කීපයක් පුරාවට පැවති ප්‍රගීත් රත්නායකගේ “උත්තම පුරුෂ” නම් වූ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය සාමන්‍යයෙන් අප දකින ප්‍රදර්ශණයකින් ඔබ්බට දිවෙන කිසියම් සම්භාව්‍ය බවක් පෙන්වන චිත්‍ර ගනනාවකින් යුත් ප්‍රදර්ශනයක් බව කිව යුතුය.

“උත්තම පුරුෂ” ප්‍රගීත්ගේ අටවෙනි එක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනයයි.

ප්‍රගීත් රත්නායක තම තෙලිතුඩින් සිතුවම් කර ඇති චිත්‍ර සියල්ල ඉදිරියේ නරඹන්නන් භාවනාත්මක කිරීමට ඔහුට හැකියාව තියෙනවා. මක්නිසාද යත් ඒවා සුලභව අප දකින ඉර බැස යන දර්ශනයක් සුන්දර වෙරළ තීරයක් නොවේ.

එම චිත්‍ර අබියස සිටගෙන, චිත්‍ර තුළින් ඔහු කියන්නෙ කුමක්දැයි වටහා ගන්නට ගන්නා ආයාසයම එම චිත්‍ර වඩා ගැඹුරින් වින්දනය කිරීමට ඕනෑම කෙනෙකුට අවස්ථාව උදා වනු ඇත.

එය නැරඹිය යුතුම චිත්‍ර ප්‍රදර්ශනයකි. මක්නිසාදයත්, ප්‍රගීත් රත්නායකයන්ගේ එම චිත්‍ර සමුදාය තුලින් අපට කියන්නට උත්සාහ කරන ලෝකයට වඩා වෙනත් ලෝකයකට අප සැවොම රැගෙන යන නිසාය.
ඇත්තෙන්ම එය, අතිසුන්දර වූ සෞන්දර්ය චාරිකාවකි.

ප්‍රගීත් ට අනුව;
” චිත්‍රයක් රසවිදින්න හෝ තේරුම් ගන්න, විශේෂ දැනුමක් හෝ නිපුණතාවයක් නොමැති වීමම චිත්‍ර ප්‍රදර්ශනයක් නැරඹීමට කෙනෙකුට ඇති ලොකුම සුදුසුකම වන අතර කළ යුතුව ඇත්තේ , නිකං ඔහේ චිත්‍ර දිහා බලාගෙන සිටීම පමණි.

ඒ කිසි චිත්‍රයක් තේරුම් නොගත්තත් බොහෝ දෙනෙක් අවම වශයෙන් පැයකට වැඩි කාලයක් තිස්සේ “උත්තම පුරුෂ” සමග සිටිය බව කිව යුතුය.

අද සමාජයේ බොහෝ දෙනෙකුට මේ මොහොතේ අහිමි වී ඇත්තේ කලා නිර්මාණයන් විඳීමට ඇති අවකාශය නැති වී යාමයි. පුද්ගලයාගෙන් පුද්ගලයාට තමන්ගේ ජීවිත භාවිතය තුළ “මම” කියන චරිතය සැම විටම “අපි” කියන චරිතයෙන් අභිනිෂ්ක්‍රමණය.

සමාජ විප්ලවේදී ක්‍රිස්තු චරිතය බහුතරයක් හදුනාගන්නේ “Community” කියන සංදර්භය ඔස්සේ… මාක්ස්,එ්ංගල්ස්, ලෙනින් කතාකරන කොමියුනිසම් පැවත එන්නේ කොමියුනියන් කියන අවස්ථාවත් එක්කයි.
එයින් අදහස් කරන්නේ නෑ “මම”, නැතිනම් “පුද්ගලයා” සපුරා බැහැර කරනවා කියන එක. අපි ගොඩ නැගෙන්නේම “මම” නිසයි.
එසේනම් අපි කියන එම ඒකීයත්වය ගොඩ නැගෙන්නේ මම කියන විවිධත්වය තුලින්.
ප්‍රගීත් රත්නායකගේ “උත්තම පුරුෂ” නැතිනම් “මම” අවසාන වන්නේ “අපි” අපි වෙත අපව ළඟා කරමිණි. එය සම්භාව්‍ය චිත්‍ර ප්‍රදර්ශනයක් වන්නේ ඒ නිසාය.

අරුණ ශාන්ත නෝනිස්

Facebook
Twitter
LinkedIn