හරක් කටාගෙන් අල්ලස් ගත් රබිත, චරිත, අරුණ ඇතුළු තිදෙනා රක්ෂිත බන්ධනාගාරයට

හරක් කටාගෙන් අල්ලස් ගත් රබිත, චරිත, අරුණ ඇතුළු තිදෙනා රක්ෂිත බන්ධනාගාරයට

හිටපු අධිකරණ ඇමති විජයදාස රාපක්ෂගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, හොරණ සමගි ජන බලවේගයේ ආසන සංවිධායක චරිත් අබේසිංහ හා සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ අරුණ ශ්‍රී චතුරංග යන තිදෙනා ජුලි 03 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, ඔවුන් තිදෙනා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් අද (25) පෙරවරුවේ අත්අඩංගුවට ගැනීමෙන් පසු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

සංවිධානාත්මක අපරාධකරුවකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නැමැත්තා වෙනත් බන්ධනාගාරයකට මාරු කිරීම ඇතුළු පසුකම් කිහිපයක් සැලසීම සඳහා අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් මුල් කර ගනිමින් මොවුන් අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සදහන් කරයි.

මෙම අල්ලස් මුදල ලබාගෙන තිබෙන්නේ, විජයදාස රාජපක්ෂ අධිකරණ ඇමතිවව සිටියදීය.

හරක් කටා නැමැත්තා පොලිසිය විසින් ඝාතනය කිරීම වැලැක්වීම, ඔහුගේ රැඳවුම් නියෝග ඉවත් කර ගාල්ල බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරය හැර වෙනත් බන්ධනාගාරයක් වෙත යොමු කර දීම මෙන්ම විමර්ශන කටයුතුවලින් හා ඊට අදාළ කටයුතුවලින් නිදහස් කරදීම සඳහා මෙලෙස අල්ලස් ලබා ගෙන ඇති බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරයි.

2023 වසරේදී ඩුබායි රාජ්‍යයේදී හරක් කටාගේ බිරිඳ වන මධුෂිකා මධුවන්ති යන අයගෙන් මෙම සැකකරුවන් තුන් දෙනා රුපියල් ලක්ෂ 5,000ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා පසුව එම මුදල රුපියල් ලක්ෂ 2,000 දක්වා අඩු කර ඇත.

එම මුදලින් අත්තිකාරමක් ලෙස රුපියල් ලක්ෂ 1,200ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගෙන තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්