අත්‍යාවශ්‍යම පිරිසට අස්වැසුම දෙන්න නව වැඩපිලිවෙළක්…

අත්‍යාවශ්‍යම පිරිසට අස්වැසුම දෙන්න නව වැඩපිලිවෙළක්…

අස්වැසුම ප්‍රතිලාභ යෝජනා ක්‍රමය මඟින් ඉදිරියේදී දීමනා ගෙවීම් සිදු කරනු ලබන්නේ දුප්පත් සහ අන්ත දිළිඳු පවුල් සඳහා පමණක් බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

පසුගිය 2023 වර්ෂයේ සිට අස්වැසුම ප්‍රතිලාභ යෝජනා ක්‍රමය ආරම්භ කළ අතර, එහි දෙවන අදියර මේ වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බවත්, මේ වනවිට ඒ සඳහා වන තොරතුරු යාවත්කාලීන කිරීමේ කටයුතු සිදු කරමින් පවතින බවත් පැවසේ.

ලක්ෂ 16කට ආසන්න පිරිසකට 2023 වර්ෂයේදී කාණ්ඩ 04ක් යටතේ අස්වැසුම දීමනා හිමි වූ අතර 2025 අප්‍රේල් මාසයේදී ඉන් සිව්වන කාණ්ඩය වන සංක්‍රාන්තික කාණ්ඩයේ ප්‍රතිලාභීන් 315,000කට ගෙවීම් නතර කර තිබේ.

එහි තෙවන කාණ්ඩය වන අවදානමට ලක් වූ කාණ්ඩයට අයත් ප්‍රතිලාභීන් 425,000කට, මේ වසරේ ජුනි මාසයේ සිට අස්වැසුම දීමනාව නතර කරනු ඇති බව සඳහන් වේ.

ඉහත කාණ්ඩ දෙක තුළ සිටින පවුල් අතර, දුප්පත් හෝ අන්ත දිළිඳු තත්වයට පත්ව සිටින පවුල් ඇත්නම්, ඔවුන්ට නැවත අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීමට හැකියාව පවතින බවද සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සහකාර කොමසාරිස් අශාන් දර්ශන සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්