හිටපු ඇමති ෆවුසිට එරෙහිව පෙත්සමක විභාගය අවසන්… තීන්දුව කල් තබයි…

හිටපු ඇමති ෆවුසිට එරෙහිව පෙත්සමක විභාගය අවසන්… තීන්දුව කල් තබයි…

නෙදර්ලන්ත රජය මඟින් ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ කටයුතු සඳහා ලබා දී තිබූ වාහනයක්, සිය පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගැනීම තුළින් හිටපු ඇමති ඒ.එච්.එම් ෆවුසි විසින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක විභාගය, ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසන් කර තිබේ.

ඉන් අනතුරුව එම නඩුකරයේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම කල් තබන බව අධිකරණය නියෝග කර ඇත.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්විණි.

මෙම පෙත්සම ඉදිරිපත් කර තිබී ඇත්තේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු වන චන්ද්‍රා ජයරත්න විසිනි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්