යෝෂිත වෙනුවෙන් ඉහළම නිලධාරියෙක් පාවාදෙයි…

යෝෂිත වෙනුවෙන් ඉහළම නිලධාරියෙක් පාවාදෙයි…

යෝෂිත රාජපක්ෂ අයතා ලෙස නාවික හමුදාවේ කැඩෙට් නිලධාරියෙකු ලෙස බඳවගේන මහා බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදාවේ පුහුණු පාඨමාලාවකට යැවීම සඳහා රුපියල් මිලියන 6.3කට වැඩි මහජන මුදල් වැය කිරීම සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණවලදී ඉහළම නිලධාරීන් පාවාදීමේ සුදානමක් පවතී.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් යෝෂිත රාජපක්ෂව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේදී ඔහු වෙනුවෙන් නීතිඥ මඩුල්ල තර්ක කළේ තම සේවාදායකයා අයතා ක්‍රියා සිදු කර නැති බවය. එම තර්කය අනුව හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ නාවික හමුදාවට බඳවා ගැනීමේ අධ්‍යාපන සුදුසුකම් වෙනස් කිරීම සම්බන්ධයෙන් චෝදනාවට ලක්වන අතර යෝෂිත රාජපකෂ කැඩෙට් නිළධාරියෙකු ලෙස බඳවා ගැනීමේ ක්‍රියාවලියේදී අදාළ අධ්‍යාපන සුදුසුකම් නිසිලෙස පරීක්ෂා නොකිරීම සම්බන්ධයෙන් තවත් නිලධාරීන් පිරිසක් වෙත චෝදනා එල්ල වෙමින් තිබේ.

මේ අනුව යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවේ කැඩෙට් නිලධාරියෙකු ලෙස 2006 දෙසැම්බර් මස බඳවා ගැනීම, ඔහු මහා බ්‍රිතාන්‍යයෙන් රාජකීන නාවික හමුදාවේ පුහුණුවකට 2007 ජනවාරි මස පිටත්කර යැවීම සහ ඒ වෙනුවෙන් රුපියල් මිලියන 6.3ක මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ වගඋත්තරකරුවෙකු නොව බවත් අදාළ හමුදා ලිනධාරීන් ඒ සම්බන්ධයෙන් වග කිව යුතු බවත් යෝෂිත රාජපක්ෂගේ නීතිඥයින් අධිකරණය හමුවේ ඉදිරිපත් කරන කරුණුවලින් දක්වා ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්