ශීරන්ති රාජපක්ෂට, රංජිත් සියඹලාපිටියට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්…

ශීරන්ති රාජපක්ෂට, රංජිත් සියඹලාපිටියට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්…

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂට සහ හිටපු ඇමති රංජිත් සියඹලාපිටියට එරෙහිව රුපියල් කෝටි 29.18ක මුදල් රජයට වංචා කර සාවද්‍ය පරිහරණය කළ බවට පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා අල්ලස් කොමිසමට අද (11) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව හිටපු ජනාධිපති බිරිඳ ශිරන්ති රාජපක්ෂ රුපියල් කෝටි 16.32ක මුදලකුත් හිටපු ඇමති රංජිත් සියඹලාපිටිය රුපියල් කෝටි 12.86ක මුදලක් 2012 සහ 2013 කාලයේ පැවති දැයට කිරුල ප්‍රදර්ශනයේදී මෙලෙස වංචාව සිදු කළ බවට එම පැමිණිල්ල මගින් අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලයයි සංවිධානය විසින් සඳහන් කර ඇත.

අම්පාර සහ අනුරාධපුර පැවති දැයට කිරුළ වැඩසටහන යටතේ, ඉසව් කළමනාකරණ සේවා සඳහා සහ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ කටයුතු සඳහා ටෙන්ඩර් පටිපාටියකින් තොරව ජනතාවගේ බදු මුදල් අයථා ලෙස පරිහරණය කළ බවට එම පැමිණිල්ල මගින් චෝදනා කර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්