නාමල්ගේ ගෝලයා රනිල්ගෙන් කප්පම් ඉල්ලයි

නාමල්ගේ ගෝලයා රනිල්ගෙන් කප්පම් ඉල්ලයි

රනිල් වික්‍රමසිංහගේ ජීවිත කාලය තුළ රටේ නායකත්වයට පත් වීමට කිසිදු අවස්ථාවක් නොතිබුණු වටපිටාවක වසර දෙක හමාරක් ජනාධිපති ධුරය දැරීමට අවස්ථාව ලබා දීම පිළිබඳව නාමල් රාජපක්ෂගේ සමීපතමයකු වන සංජීව එදිරිමාන්න දේශපාලන කප්පමක් ඉල්ලා ඇත.

.මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු එම කප්පම ප්‍රසිද්ධියේ ඉල්ලා තිබේ. “අපි එතුමාට උදව් කළා මේ රටේ අවුරුදු දෙක හමාරක පාලනය අරගෙන යන්න. මං හිතනවා එතුමාට මේ වෙලාවේ ඒ දුන්නු අවස්ථාවට කෘතගුණ සැලකීමක් විදිහට නාමල් රාජපක්ෂ වටා ගොනු වෙන මේ දේශපාලන බලවේගයට උදව් කරන්න.” ආදී වශයෙන් ප්‍රකාශ කර ඇත.

ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුල් පාලනයට එරෙහිව නැගී සිටි මහජනතාව ඔවුන්ව පළවා හැරීමෙන් පසුව පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරු 134 දෙනෙකුගේ ඡන්දයෙන් රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපති ලෙසින් පත් කර ගනු ලැබීය. සංජීව එදිරිමාන්න ඍජුව ම දේශපාලන කප්පමක් ප්‍රසිද්ධියේ ඉල්ලීමට තරම් එඩිතර වී මේ ප්‍රකාශය කර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්