පේරු හි ජනාධිපතිවරණය උණුසුම්! වම කරට කර සටනක !

පේරු හි ජනාධිපතිවරණය උණුසුම්! වම කරට කර සටනක !

ජුනි 07 වන ඉරිදා අවසන් වූ පේරූ රාජ්‍යයේ ජනාධිපතිවරණයේ ඉතා සමීප ආරම්භක ප්‍රතිඵල පෙන්වා දෙමින් සිටිනුයේ එරට දේශපාලන අනාගතය අවිනිශ්චිතභාවයකට පත් වීමේ ඉහළ මට්ටමක පවතින බවය.

පේරු ජනාධිපතිවරණ දෙවන වටයෙන් ප්‍රකාශයට පත් කරන ලද පළමු ප්‍රතිඵල සහ ඇස්තමේන්තු පිලිබඳ පරස්පර ඇඟවීම් ලබා දෙනු ලැබුවද දක්ෂිණාංශික අපේක්‍ෂිකා Keiko Fujimori පරදවා ඇගේ වාමාංශික ප්‍රතිවාදියා වන Roberto Sanchez මේ වනවිට ඉදිරියෙන් සිටින බව වාර්තා වේ. මේ අතර ඇතැම් විදේශ වාර්තා එරට මැතිවරණ වාර්තා මත තහවුරු කරමින් පෙන්වා දෙමින් සිටින්නේ Roberto Sanchez ජනාධිපතිවරණය ජයග්‍රහණය කර ඇති බවය.

මේ අතර දේශපාලන විචාරකයින් පෙන්වා දෙනුයේ ජයග්‍රාහකයා කුමක් වුවත්, අනාගත ජනාධිපතිට අඛණ්ඩ අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇති බවයි. එනම් ඛණ්ඩනය වූ පාර්ලිමේන්තුවක් සහ බෙදී ගිය ජනගහනයක් සමඟ සටන් කිරීමට අනාගත ජනාධිපතිට තම ධුරය මෙහය වීමට සිදුවනු ඇතැයි ඔවුන් තවදුරටත් පෙන්වා දේ.

ඉරිදා පැවැත්වූ මැතිවරණයේ අර්ධ ප්‍රතිඵලවලින් Keiko Fujimori  ඡන්දවලින් 51.7%ක් ලැබුණු අතර, ඡන්ද පත්‍රිකාවලින් 80%ක් ගණන් කිරීමෙන් පසු Roberto Sanchez ලබා ගත් චන්ද ප්‍රතිශතය 48.3%ක් විය. කෙසේ වෙතත්, පෞද්ගලික ඡන්ද ආයතන දෙකක් විසින් කරන ලද වේගවත් ගණන් කිරීම් මගින් පෙන්වා දෙනුයේ වාමාංශික අපේක්ෂකයා තරමක් ඉදිරියෙන් සිටින බවයි.

වාමාංශික කඳවුරේ ජනාධිපති අපේක්ෂකයා එරට අවසන් වරට තේරී පත් වූ ජනාධිපති වන pedro Castillo යටතේ හිටපු ඇමතිවරයෙකුද වේ.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් pedro Castillo ලීමා සිර ගෙයි සිට පවසා සිටින්නේ අවසාන ප්‍රතිඵල සඳහා “සුපරීක්ෂාකාරී වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවය.

මේ වනවිට, 2021 සිට 2022 දක්වා පාලනය කල හිටපු පේරු හි වාමාංශික ජනාධිපති Pedro Castillo කුමන්ත්‍රණ චෝදනා ලැබ එරට රැඳවුම් භාරයේ රඳවා සිටි. ඔහු බලයේ සිටි 2022 වසරේදී ඔහුට එරෙහිව එල්ල වූ දෝෂාභියෝග ඡන්දයකට පෙර කොංග්‍රසය විසුරුවා හැරීමට උත්සාහ කිරීමෙන් පසු 2022 දෙසැම්බර් මාසයේදී අත්අඩංගුවට ගන්නා ලදී. එය හමුදා හා රාජ්‍ය බලධාරීන් විසින් සිදුකල කුමන්ත්‍රණයක ප්‍රථිපලයක් ලෙස ප්‍රකට වූ කාරණයකි.

ඉන් පසුව 2025 නොවැම්බර් මාසයේදී, කැරැල්ලක් ඇති කිරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් පේරු අධිකරණ විසින් ඔහුට වසර 11 යි මාස 05ක සිර දඬුවමක් නියම කළේය. ඔහුට එරෙහිව සිදුකළ අධිකරණ ක්‍රියා දාමය පුරාම සිරගතව සිටි අතර අභියාචනා තවමත් කළ හැකි වුවද, තීන්දුවෙන් පසුවද සිරගත කරනු ලැබ තිබේ. ඔහු ලීමා හි බාබඩිලෝ බන්ධනාගාරයේ රඳවා සිටි නුයේ නිත්‍යානුකුල නොවන ආකාරයෙන් යයි ඔහුගේ පාක්ෂිකයින් කියා සිටි.

පේරූ හි ට්‍රම්ප් ගේ කඳවුර නියෝජනය කරනු ලබනුයේ Keiko Fujimori විසිනි. 1990 සිට 2000 දක්වා කාලය තුළ රට මෙහෙයවූ ඒකාධිපතියෙකු වූ ඇගේ පියා වන ඇල්බර්ටෝ ෆුජිමෝරිගේ මතකය තවමත් පේරූ සමාජය තුළ ඉතා වේදනාකාරී අතීතයක් සනිහුටන් කර ඇත. විශේෂයෙන් මාවෝ වාදී ෂියන් පාත් ගරිල්ලා ව්‍යාපාරය මර්දනය කරලීම සඳහා යයි කියමින් දහස් ගණනක් ජනතාව සංහාරය කරනු ලැබිණි. 2009 දී ෆුජිමෝරි බලයේ සිටි කාලය තුළ සිදු කරන ලද සමූලඝාතන සහ බලහත්කාරයෙන් වන්ධ්‍යාකරණය කිරීම සඳහා මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් වරදකරු වූ අතර ඔහුට ජිවතාන්තය දක්වා සිර ගෙට නියම විණි.

ෆුජිමෝරි නාමය ක්‍රමානුකූලව පේරූ රාජ්‍යයෙන් ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ නව සාක්ෂියක් ලෙස Keiko Fujimori ජනාධිපතිවරණ දෙවන වටයට පිවිසීමට අසමත් වූ අඛණ්ඩ සිව්වන අවස්ථාව මෙය ලෙස සැලකෙන බව ප්‍රංශ පුවත් සේවය වාර්තා කර සිටි. ජනාධිපතිවරණ ප්‍රථිපල සම්බන්ධයෙන්  Keiko Fujimori ප්‍රකාශයක් කිරීමට පෙර අවසාන ඡන්ද ගණන් කිරීම දක්වා බලා සිටින බව මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියාය. ඇයට සහය දෙනු ලබනුයේ එරට හමුදා නායකයින්, පුද්ගලික අංශ ප්‍රධානින් හා ලීමා අගනුවර ඉහල ප්‍රභූ පංතික සමාජ ස්ථරය වේ.

අවිනිශ්චිතභාවය තිබියදීත්, දෙපාර්ශ්වයේම ආධාරකරුවන් දහස් ගණනක් ඉරිදා සවස හා සඳුදා අගනුවර විවිධ ප්‍රදේශවලට රැස්ව, ඔවුන්ගේ අපේක්ෂකයාගේ වර්ණවලින් යුත් කොඩි සහ පුවරු ඔසවාගෙන සිටියහ.

මේ අතර  Roberto Sanchez වාමාංශික කඳවුරේ “අපි එය කළා!” යනුවෙන් කෑ ගැසුවේ ජයග්‍රහණය දැනටමත් සහතික කර ඇති ආකාරයට ය.

“අපට වෙනසක් අවශ්‍ය වන්නේ ෆුජිමරි මාෆියාව රට උන්ගේ  පෞද්ගලික දේපළක් මෙන් රට පාලනය කරන නිසා. ෆුජිමෝරිවාදයේ දූෂණයෙන් අපි වෙහෙසට පත්ව සිටින නිසා කෙසේ හෝ ඔවුන් පලවා හැරීම මෙවර සිදු කළා ” යයි ඔවුන් පවසා සිටි.

එරට කොංග්‍රසයේ බහුතරය මෙම ෆුජිමරි පාක්ෂිකයින් විසින් අත්පත් කර ගෙන සිටින අතර විශාල ලෙස ජනතා මුදල් සොරකම් කරමින් සිටින බව වාර්තා වේ. 2022 දී Pedro Castillo කොංග්‍රසය විසිරුවා හැරීමට උත්සහ කරලීම නිසා සිරේට යාමට සිදු විණි. ග්‍රාමීය ජනතාව හා එරට ආදිවාසී ජන කණ්ඩායම් 54 ක සහය ඔහුගේ වාමාංශික අපේක්ෂකයා වන Roberto Sanchez වෙත මෙවර ලැබී ඇත.

වසර දහයක් පුරා ජනාධිපතිවරුන් 8 දෙනෙකුට බලයෙන් පහ වීමට සිදු වූ පේරූ රාජ්‍යයයේ ජනාධිපතිවරණයේ පළමු වටයේ දී මෙන් නොව පේරු ජාතිකයන් මිලියන 27 කට ආසන්න සංඛ්‍යාවක් ඡන්දය ප්‍රකාශ කල බව වාර්තා වේ. අප්‍රියෙල් මස පැවැත් වූ ජනාධිපතිවරණයේ පලමු වටයේ දී චන්ද බෙදා දැමීම සඳහා අපේක්ෂකයින් 35ක් ඉදිරිපත් වූ අතර අක්‍රමිකතා රාශියක් සිදු වී තිබිණි. වාමාංශික කඳවුරේ Roberto Sanchez දෙවන වටයට සුදුසුකම් ලබන්නේ 12%ක ප්‍රතිශතයක් ලබා ගනිමිනි. පුළුල් බලතලවලින් සමන්විත පාර්ලිමේන්තුව, රාජ්‍ය නායකයින් කිහිප දෙනෙකුගේ බිඳවැටීමට දායක වී ඇත. කිසිදු අපේක්ෂකයෙකුට පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැති නිසා අනාගත රාජ්‍ය නායකයාට තම ධුර කාලය සම්පූර්ණ කිරීමට අවශ්‍ය නම් සන්ධාන ඇති කර ගැනීමට සිදුවනු ඇති බව දේශපාලන විචාරකයින් මේ අතර පෙන්වා දේ.

දැවැන්ත මිනිරන් නිධි, තඹ (ප්‍රධාන), රන්, රිදී, සින්ක්, ස්වභාවික ගෑස්, තෙල් වලින් ගහන පේරූ රාජ්‍යයයේ බහුතරයක් ජනතාව කෘෂිකර්මාන්තයෙන් හා අධික ද්‍රවිද්‍රතාවයෙන් ජිවත් වේ. පේරු හි වැදගත්ම සම්පත තඹ වන අතර එය එහි අපනයනවලින් විශාල කොටසක් නියෝජනය කරයි. එසේම පේරු අපරාධ හා මාෆියා කල්ලි වලින්ද පීඩා විඳින රටක් ලෙස සැලකේ. දරිද්‍රතාවය 2024 දී ජනගහනයෙන් ආසන්න වශයෙන් 27.6% ලෙස සඳහන් වේ. විරැකියාව 4% සහ 7% අතර; එය 2024 අවසානයේ 4.3% ක් පමණ වූ අතර 2026 ආරම්භයේ දී 6.8% ක් පමණ විය. පේරු ජාතිකයන් 4 දෙනෙකුගෙන් 1 දෙනෙකු පමණ දුප්පත් වන අතර බහුතරයක් අවිධිමත් සහ අස්ථිර රැකියා වල නිරත වන අතර එය ජනගහනයෙන් 80% ක විශාල කොටසකට බලපා ඇත.

කෙසේ වෙතත් දැඩි ට්‍රම්ප් බලපෑමකට ලක්ව ඇති දකුණු ඇමරිකාව තුල පේරූ රාජ්‍යයයේ නව ජනාධිපති ලෙස Roberto Sanchez පත්වීම ප්‍රංශ මාධ්‍ය මේ වන විට තහවුරු කර ඇති තත්වයක් තුල ලතින් ඇමරිකානු කලාපයේ වාමාංශික කඳවුර ට නව අපේක්ෂාවන් ලබා දී ඇති බව දේශපාලන විචාරකයින් පෙන්වා දේ. විශේෂයෙන් බොලිවියාව, ඉක්වදෝරය, හා චිලි රාජ්‍යයයේ ට්‍රම්ප් හිතැති පාලනයන් අභියෝගයට ලක් කරමින් ඇමරිකන් විරෝධී බව දිනෙන් දින වර්ධනය වෙමින් පවතී. මෙය ඉදිරියේ මැතිවරණ පැවත්වීමට නියමිත කොලොම්බියාවේ ද ඉස්මතු වීමට නියමිතව ඇති අතර ඉරාන යුද්ධය හේතුවෙන් ඇමරිකාව තුල ද ට්‍රම්ප් විරෝධී බව නොවැම්බර් මාසයේ පැවත්වීමට නියමිත අතරමැදි ඇමරිකානු මැතිවරණය තුල දීද කරලියට පැමිණීමට නියමිතව ඇති බව ඔවුන් තවදුරටත් පෙන්වා දේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්