ගම්මන්පිල, වීරවන්ස, දිලිත් විමර්ශනවලට බාධා කරනවා – CIDය අධිකරණයට කියයි

ගම්මන්පිල, වීරවන්ස, දිලිත් විමර්ශනවලට බාධා කරනවා – CIDය අධිකරණයට කියයි

පාස්කු ඉරුදින එල්ල කරන ලද ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරගෙන යන විමර්ශනවලට උදය ගම්මන්පිල, විමල් වීරවන්ස හා දිලිත් ජයවීර යන දේශපාලනඥයින් බාධා එල්ලකරමින් සිටින බව එම දෙපාර්තමේන්තුව කොළඹ කෝටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබේ.

එම විමර්ශනවලදී හෙළි වූ සාක්සි මත අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ කොළඹ ජාතික රෝහල වෙත යොමු කිරීම සම්බන්ධයෙන් මෝසමක් මගින් අද (08) කොළඹ කෝටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන වෙත කරුණු වාර්තා කර ඇත.

මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර තිබේනනේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අගතිදායක ලෙස සැලසුම් සහගතව උදය ගම්මන්පිල, විමල් වීරවන්ස හා දිලිත් ජයවීර යන දේශපාලනඥයින් බාධා කරමින් සිටින බවය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්