ජාත්‍යන්තර පරිසර දිනය අදට (05) යෙදී තිබේ.
ජාත්‍යන්තර පරිසර දිනය අදට යෙදී ඇත්තේ 1972 ජුනි 5 සිට 16 දින දක්වා ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර පැවැති මානව පරිසරය සුරැකීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ සමුළුවේදී ගත් තීරණයකට අනුවය.
ඒ අනුව සෑම වසරකම ජුනි 05 වැනි දින ලෝක පරිසර දිනය ලෙස ප්‍රකාශයට පත්කන ලදී.
මෙවර ලෝක පරිසර දිනය වෙනුවෙන් සිදු කරන ජාතික වැඩසටහන ජනාධිපති අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වේ.
එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන ලෝක පරිසර දින සැමරුම “Urgent Climate Action” යන කාලීන හා අතිශය වැදගත් ගෝලීය තේමාව යටතේ පැවැත්වීමට සැලසුම් කර ඇත.
දේශගුණික විපර්යාස හේතුවෙන් ලොව පුරා වර්ධනය වෙමින් පවතින පාරිසරික අභියෝගයන්ට මුහුණදීම සඳහා කඩිනම් හා ඵලදායී ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවය මෙම තේමාව මඟින් අවධාරණය කේරේ.

319










