රාජපක්ෂලාටත් එපා වූ බොරු නීතිඥයාට හොඳ පාඩමක්

රාජපක්ෂලාටත් එපා වූ බොරු නීතිඥයාට හොඳ පාඩමක්

ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ දී කැබිනට් ඇමතිවරයෙකු ලෙස පත්කර සිටි, පසුව නෙරපා හරින ලද උදය ප්‍රභාත් ගම්මන්පිල මාධ්‍යය ඉදිරියේ ගෙන යන විවිධ ප්‍රචාර නැවත නැවතත් බොරු බව ඔප්පු වෙමින් තිබේ.

මුදල් අමාත්‍යංශයේ විදේශ ණය දෙපාර්තමේන්තුවේ සේවය කරමින් සිටි රංග නිශාන්ත රාජපක්ෂගේ මිය යාම සැක සහිත බවට විවිධ ප්‍රබන්ධ උදය ගම්මන්පිල විසින් දියත් කර තිබිණි. එම මරණය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ සිව් පුද්ගල අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ කමිටුව පවා ගම්මන්පිල ඇතුළු පිරිසගේ මඩ ප්‍රහාරයට පාත්‍ර කර ගෙන තිබිණි.

එහෙත්, කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ දී ඊයේ (04) එම මරණය පිළිබඳව පැවති සාක්ෂි විභාගයේ දී අධිකරණ වෛද්‍ය නිලධාරීන් විසින් ලබා දී තිබූ වාර්තා දීර්ඝ වශයෙන් විමර්ශනයට ලක් කර එය සිය දිවි නසා ගැනීමක් බව තහවුරු කරන ලදී. ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ අධිකරණය ඉදිරියේ සාක්ෂි මෙහෙයවමින් අදාළ සියළු කරුණු එකිනෙක ගෙන දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කරනු ලැබීය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්