ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් පවතින අධිකරණමය කටයුතු වෙනුවෙන් යොදවා ගෙන සිටින නීතිඥ අලි සබ්‍රි අධිකරණයේ දී ඉදිරිපත් කළ කරුණු මාධ්‍ය හමුවේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් යොදා ගනිමින් සිටී.
කලක් නිහඬව සිටි නීතිඥ අලි සබ්‍රි නැවත මාධ්‍යය ඉදිරියට පැමිණෙමින් යූටියුබ් නාලිකාවකට ප්‍රකාශ කර ඇත්තේ සුරේෂ් සලේට එරෙහිව පළි ගැනීමේ කටයුත්තක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර ශානි අබේසේකර නිරතව සිටින බව ය. සුරේෂ් සලේගේ නීතිඥයෙකු ලෙස තෝරා ගෙන නැති පසුබිමක අදාළ පරීක්ෂණ සම්බන්ධයෙන් එවැනි විකෘති ප්‍රකාශ කිරීමට ඉදිරිපත් වී සිටීම විශේෂත්වයකි.
2,330










