ඇමරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධව ඉරානයට එරෙහිව යුද්ධය ආරම්භ කිරීමෙන් පසු ගල්ෆ් කලාපයේ පිහිටා තිබෙන ඇමරිකානු කඳවුරු 20 සිට 28 දක්වා සංඛ්‍යාවක් ප්‍රතිප්‍රහාරවලින් විනාශ කර ඇති බව නවතම වාර්තාවකින් හෙළි කර තිබේ.
එක්සත් රාජධානියේ පවත්වා ගෙන යන මගාර් ආරක්ෂක විශ්ලේෂණ ආයතනය විසින් චන්ද්‍රිකා ඡායාරූප සහ බුද්ධි අංශ වාර්තා යොදා ගනිමින් සිදු කළ විමර්ශනයක දී එම තොරතුරු හෙළි වී ඇත. ගල්ෆ් කලාපයේ රටවල් 8ක පිහිටා තිබූ කඳවුරු එසේ විනාශ කර ඇත.
එම රටවල ඇමරිකානු හමුදා කඳවුරු තුළ තිබූ ගුවන් ආරක්ෂක පද්ධති, ඉන්ධන සංචිත, සන්නිවේදන මධ්‍යස්ථාන. ප්‍රහාරක යානා සහ කඳවුරු භූමිය හා ගොඩනැගිලි ද ඉරානයේ ප්‍රතිප්‍රහාරවලින් විනාශ කර ඇත. විශේෂයෙන් ම, ලෝකයේ ස්ථාන 8ක රඳවා තිබෙන ටාඩ් මිසයිල ආරක්ෂක පද්ධති 08ක් අතරින් 03ක් විනාශ කර ඇති අතර, ඇමරිකානු ප්‍රහාරක යානා 42ක් ද මුළුමනින් ම හෝ අර්ධ වශයෙන් විනාශ කර ඇති බව ද එම ආරක්ෂක විශ්ලේෂණ වාර්තාවේ සඳහන් කර තිබේ.










