සලේත් නොදන්නා සලේගේ සියදිවි හානි කර ගැනීමේ සැලැස්ම

සලේත් නොදන්නා සලේගේ සියදිවි හානි කර ගැනීමේ සැලැස්ම

මරා ගෙන මැරෙන බෝම්බකරුවන් විසින් පුරවැසියන් 268ගේ දිවි අහිමි කරමින් පාස්කු දින එල්ල කරන ලද ම්ලේච්ඡ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන අධිකරණ විමර්ශනවල දී රැඳවුම් නියෝග මත සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේවත් නොදන්නා ඔහුගේ සියදිවි නසා ගැනීමක් පිළිබඳව ප්‍රචාරය කරන්නේ දැයි සමාජයේ දැඩි ප්‍රශ්න කිරීමක් පවතී.

ඊයේ (04) කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ දී පැවති සාක්ෂි විභාගයේ දී ජේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කර ඇත්තේ මනෝ වෛද්‍යවරයෙකු රැවටීමට තරම් රංගනයක සුරේෂ් සලේ යෙදී සිටින බවයි. එම රංගනය වෙනුවෙන් ඔස්කාර් සම්මානයක් හිමි විය යුතු බව ද ඔහු පෙන්වා දී තිබේ.

වගඋත්තරකරු වෙනුවෙන් ඉදිරිපත් කර තිබෙන වෛද්‍ය වාර්තා අනුව සුරේෂ් සලේව විශේෂ වෛද්‍ය මඩුල්ලකට ඉදිරිපත් කර නිල වාර්තාවක් ලබා ගන්නා ලෙස විනිසුරුවරයා නියෝග කළේය. සුරේෂ් සලේ සිය දිවි නසා ගැනීමේ දැඩි අවදානමක මුහුණ දී ඇති බව ඔහුගේ නීතිඥයන් අධිකරණයට වෛද්‍ය වාර්තාවකින් දන්වා සිටීම මත වෛද්‍ය මණ්ඩලයකින් නිසි වාර්තාවක් ලබා ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්