2026 මැයි 31 වනදා කොලොම්බියානු ජනතාව යළිත් වරක් තම රටේ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ කළ අතර, වසර හතරකට පෙර ලැබූ පෙර නොවූ විරූ ජයග්‍රහණයෙන් පසු බලය රඳවා ගැනීමට එරට වාමාංශික ව්‍යාපාරය උත්සාහ කරමින් සිටි. එයට එරෙහිව සන්නද්ධ කණ්ඩායම්වල ප්‍රචණ්ඩත්වය වැඩිවීම හමුවේ ආරක්ෂාව ප්‍රධාන මැතිවරණ පොරොන්දුව බවට පෙන්වමින් ඇමරිකානු සහය ලබන විපක්ෂයේ අන්ත දක්ෂිණාංශිකයින්ගේ පෙරමුණ දෙකක් සටනට බැස ඇති බව වාර්තා වේ.
හිටපු ජනාධිපති Gustavo Petro හට දෙවන වරට ඉදිරිපත් වීමට ව්‍යවස්ථානු කූලව ඉඩක් නොමැති නිසා ඔහුගේ අනුගාමිකයා වන Ivan Cepeda යළිත් වරක් පත් වීමට ඉඩ ඇතැයි එරට මත විමසුම් මේ අතර පෙන්වා දේ.
2016 දී FARC ගරිල්ලන් සමඟ සාම ගිවිසුම අත්සන් කිරීමෙන් පසු කොලොම්බියාව තවමත් දරුණුතම ප්‍රචණ්ඩත්වයක් රට පුරා අත්විඳිමින් සිටී. පසුගිය සතියේ සිදු වූ ගැටුම් වලින් පුද්ගලයින් 48ක් මිය ගොස් ඇත. බොහෝ ප්‍රජා නායකයින් මෙන්ම ජනාධිපති අපේක්ෂකයින් ද මේ වන විට ඝාතනය කර ඇත. එසේම මෙම සන්නද්ධ කල්ලි වල ප්‍රහාරවලින් සිවිල් වැසියන් මිය ගොස් ඇති අතර ඒ අතර දේශීය රතු ඉන්දීය ජනතා නායකයින්ද රාශියක් සිටි.
මැතිවරණයේ පෙරමුණේ සිටින දකුණේ හා වමේ අපේක්ෂකයින් දශක හයක් පුරා පැවති අභ්‍යන්තර සන්නද්ධ ගැටුම අවසන් කරන්නේ කෙසේද යන්න පිළිබඳව මැතිවරණ වේදිකාවේ ගැටෙමින් සිටිති: පසුගිය වසරවල සන්නද්ධ කණ්ඩායම් සමඟ සාමය සඳහා සාකච්ඡා හිටපු ජනාධිපති Gustavo Petro සමග ELN ගරිල්ලන්, FARC හි නව කණ්ඩායම, හිටපු පැරාමිලිටරි භට කණ්ඩායම් සහ පාතාල කාටෙල් කල්ලි පැවැත්වුවද ඒවා විසඳුමකින් තොරව අවසන් විණි.
රටේ පළමු වාමාංශික නායකයා වන Gustavo Petro හට දෙවන වාරයක් ඉල්ලා සිටීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහනම් කර තිබුනද ඔහු විසින් රටේ දුප්පත්කම, විරැකියාව, උද්ධමනය අඩු කිරීමට ගත් පියවර හේතුවෙන් ඔහුගේ අනුගාමිකයා ගේ මැතිවරණ ව්‍යාපාරය පෙට්‍රෝ වටා කැරකෙන බව” එරට අගනුවර වන බොගෝටා හි රොසාරියෝ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය යැන් බැසෙට්, AFP විසින් සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් පවසා සිටියේය.
Gustavo Petro ලෝකයේ වඩාත්ම අසමානත්මතාවය පවතින රටවලින් එකක් හා ලොව ප්‍රධාන කොකේන් නිෂ්පාදනය කරන රටක් වන කොලොම්බියාවේ දරිද්‍රතාවය සහ විරැකියාව අඩු කිරීම, අවම වැටුප ඉහළ නැංවීම සහ සමාජ වැඩසටහන් පුළුල් කිරීමෙන් පසු කම්කරු පන්තිය අතර දැඩි ජනප්‍රියත්වයක් ලබා ගෙන ඇති අතර රටේ ආරක්ෂාව සම්බන්ධ ප්‍රතිපත්තිවල ඇති දුර්වලතාවය විපක්ෂය විසින් නිතර නිතර මැතිවරණ වේදිකා වල මතුකරමින් සිටින්නේ ඔහු සන්නද්ධ කණ්ඩායම් සුරතල් කරන බවට ද චෝදනා කරමිනි.
නිල සංඛ්‍යාලේඛනවලට අනුව, රටේ පළමු වාමාංශික ජනාධිපතිවරයාගේ ජනාධිපති ධුර කාලය තුළ කොලොම්බියානුවන් 800,000 කට ආසන්න සංඛ්‍යාවක් දරිද්‍රතාවයෙන් මුදා ගෙන ඇත. මැයි මස මුලදී, ආදායම, අධ්‍යාපනය, සෞඛ්‍යය, නිවාස සහ බහුමාන දරිද්‍රතාවය මත පදනම්ව සිදු කල අධ්‍යයන වාර්තා වලින් පෙන්වා දෙන්නේ – රටේ දරිද්‍රතාවය 2024 දී 11.5% ට සාපේක්ෂව 2025 දී 9.9% ක අනුපාතයක් දක්වා පහත වැටී ඇති බවට එරට RTVC Noticias රාජ්‍ය නොවන සංවිධානය තම වාර්ෂික වාර්තාව මගින් පෙන්වා දේ. 2026 සඳහා අවම වැටුප ඓතිහාසිකව 23% කින් වැඩි කිරීම (මසකට ඩොලර් 445 සිට ඩොලර් 548 දක්වා) වැඩි කර ඇත. 2026 පෙබරවාරි මාසයේදී විරැකියාව 9.2% දක්වා පහත වැටුණි (වසරකට පෙර 10.3% ට සාපේක්ෂව), “සියවසේ එහි අවම මට්ටම” යැයි RTVC Noticias පෙන්වා දේ. නිල සංඛ්‍යාලේඛනවලට අනුව, උද්ධමනය ද පහත වැටී ඇති අතර, 2023 දී 11.8% සිට 2025 දී 5% කට ආසන්න ප්‍රමාණයකට පහත වැටී ඇත.
එහෙත් එම වාර්තාව කොන්ත්‍රාත්තු නොමැතිව වැඩ කරන මිලියන සංඛ්‍යාත කොලොම්බියානුවන් – මුළු ශ්‍රම බලකායෙන් 50% කට වඩා – සමාජ ආරක්ෂාවක් නොමැතිව, විරැකියා ප්‍රතිලාභ හෝ විශ්‍රාම වැටුප් අයිතිවාසිකම් නොමැතිව තම සේවය ලබා දීම දිගටම සිදුවන බව පෙන්වා දේ. වීදි වෙළෙන්දන්, ප්‍රකාශ නොකළ ගෘහ සේවිකාවන්, වීදි ප්‍රතිචක්‍රීකරණය කරන්නන්, අවම වැටුප් වැඩිවීමෙන් ප්‍රතිලාභ නොලබන බව ද පෙන්වා දේ. ඒ සඳහා කඩිනම් ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටි.
මත විමසුම් මගින් තෝරාගත් Gustavo Petroගේ අනුප්‍රාප්තිකයා වන 63 හැවිරිදි වාමාංශික සෙනෙට් සභික Ivan Cepeda දර්ශනය පිලිබඳ ආචාර්ය වරයෙකු සහ මානව හිමිකම් උපදේශකයෙකු වේ. සමාජ ප්‍රතිසංස්කරණ අඛණ්ඩව පවත්වාගෙන යාම සහ සන්නද්ධ කණ්ඩායම් සමඟ අසාර්ථක සාම සාකච්ඡා යළි ආරම්හ කිරීමට ඔහු තම විශ්වාසය තබා ඇත.
1990 දී Ivan Cepedaගේ පියා එවට පැවති රජයේ සන්නද්ධ කල්ලි විසින් ඝාතනය කර ඇති අතර කුඩා කාලයේ සිටම රටින් පිටුවහල් වී ජිවත් වීමට බලකෙරී ඇත. ඔහුගේ පියා කොමියුනිස්ට් දේශපාලනඥයෙකු වන අතර Ivan Cepeda සන්නද්ධ ගැටුමේ වින්දිතයින්, ආදිවාසී ජනතාව සහ ගොවීන්, කම්කරුවන් හා ශිෂ්‍ය ප්‍රජාව තම ව්‍යාපාරය වෙත සමීප කර ගෙන ඇත. කොලොම්බියානු උප ජනාධිපති ධුරය සඳහා තරඟ කරන ජාත්‍යන්තරය තුල පවා ප්‍රසිද්ධ ආදිවාසී කාන්තාවක් වන Aida Quilcué ද මෙම ජනාධිපතිවරණයේදී වාමාංශික අපේක්ෂක Ivan Cepedaට සහය ලබා දී ඇත. ඇගේ සැමියාගේ ඝාතනයෙන් පසුව මානව හිමිකම් ක්‍රියාකාරිනියක් ලෙස ඇයගේ පසුබිම එරට ආදිවාසී ජනතාවගේ සහය Ivan Cepeda වෙත ලබා ගැනීමට ඉවහල් වී ඇත. මැතිවරණය ජයගතහොත් Aida Quilcué කොලොම්බියාවේ උප ජනාධිපතිනිය ලෙස පත්වීමට නියමිතව ඇත.
“දරිද්‍රතාවය නිශ්චිතවම ජය ගැනීම සහ සමාජ අසමානත්මතාවය අවසන් කිරීම අපගේ දෙවන රජයේ අත්‍යවශ්‍ය ප්‍රමුඛතාවය වනු ඇත,” Ivan Cepeda පවසා සිටි.
ඔහුට පිටුපසින් සිටින්නේ “ටයිගර්” ලෙස හඳුන්වන 47 හැවිරිදි කෝටිපති නීතිඥයෙකු වන Abelardo de la Espriella වන අතර ඔහු ට්‍රම්ප්ගේ කඳවුර මැතිවරණය තුළ නියෝජනය කරනු ලබයි. ඔහු පාතාල සංවිධානවල සාමාජිකයින්ට, ELN ගරිල්ලන්ට මරණය හෝ සිර දඬුවම පොරොන්දු වෙමින් නිතර හමුදා ආචාරයකින් තම ආධාරකරුවන්ට ආචාර කරයි. එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, සැල්වදෝර ජනාධිපති නයිබ් බුකෙල් සහ ආර්ජන්ටිනා ජනාධිපති ජේවියර් මිලෙයිගේ රසිකයෙක් වන ඔහු, මෙගා බන්ධනාගාර දහයක් ඉදිකිරීම, ආර්ථිකය සඳහා රජයේ මැදිහත් වීම 40%කින් අඩු කිරීම සහ ලොව ප්‍රමුඛතම කොකේන් නිෂ්පාදකයෙකු වන කොලොම්බියාවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ කඳවුරුවලට බෝම්බ හෙළීමට ද යෝජනා කරයි.
බොහෝ දුරට මෙම අපේක්ෂකයින් දෙදනා ජුනි 21 වන දින දෙවන වටයේදී එකිනෙකාට හමු විය හැකි බව එරට මාධ්‍ය වාර්තා කර සිටි. මත විමසුම්වලට අනුව තවත් දක්ෂිණාංශික අපේක්ෂකයෙකු ද මෙම දෙදනා අතර සිටී: බලගතු හිටපු කොන්සර්වේටිව් ජනාධිපති ඇල්වාරෝ උරිබේ (2002-2010) විසින් අනුමත කරන ලද 50 හැවිරිදි සෙනෙට් සභික පැලෝමා වැලෙන්සියා ද දැඩි මර්දනීය නීති සන්නද්ධ කණ්ඩායම් වලට එරෙහිව ගෙන එන බවට තර්ජනය කරනු ලබයි.
“නමුත් දීර්ඝ කාලීනව සිවිල් යුධ ගැටුම් වලින් පීඩා විඳින කොලොම්බියානු ජනතාව අපේක්ෂා කරන්නනේ සාමය, නිදහස හා ආරක්ෂාව” යයි බොගෝටා හි රොසාරියෝ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය යැන් බැසෙට් තව දුරටත් පවසා සිටි.
වත්මන් ප්‍රචණ්ඩත්ව වාතාවරණය නොතකා ජනාධිපතිවරණය පැවැත්වෙන බවට මහජනතාවට සහතික කිරීමට කොලොම්බියානු ජාතික මැතිවරණ කවුන්සිලය (CNE) උත්සාහ කරමින් සිටින අතර කොලොම්බියාවේ, “ඡන්දය සාමකාමීව පැවැත්විය හැකි වන පරිදි අපරාධ සංවිධාන මැතිවරණයට පෙර ඒකපාර්ශ්විකව සටන් විරාමයක් ප්‍රකාශ කරන ලෙස එම කණ්ඩායම් වලින් ඉල්ලා සිටි.
ඡන්ද මධ්‍යස්ථාන වසා දැමීමෙන් පැය කිහිපයකට පසු ප්‍රතිඵල අපේක්ෂා කෙරෙන අතර දෙවන වටයක නිර්මාණය වීමේ හැකියාවක් ද එරටින් වාර්තා වන අතර එසේ වුවහොත් එය ජුනි 21 දිනයේ දී පැවැත්වීමට නියමිතව ඇත.










