පල්ලේගම හේමරතන හිමියන්ගේ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පදවිය අත්හිටුවයි

පල්ලේගම හේමරතන හිමියන්ගේ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පදවිය අත්හිටුවයි

මල්වතු මහා විහාරීය ගරුතර කාරක මහා සංඝ සභාව විසින් පල්ලේගම හේමරතන ස්ථවිරයන් වහන්සේ සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා පිළිබඳව පවතින අධිකරණ කටයුතු අවසන් වී, ඒ පිළිබඳ අවසන් තීරණයක් ලැබෙන තෙක් උන්වහන්සේගේ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පදවිය අත්හිටුවීමට තීරණය කර තිබේ.

ඒ මල්වතු මහා විහාරීය ගරුතර කාරක මහා සංඝ සභාව වෙත පැවරී ඇති බලතල ප්‍රකාරවය.

එසේම, ගරුතර කාරක මහා සංඝ සභාවේ නියමය පරිදි, එම කමිටු සාමාජික උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී ඊතලවැටුණුවැවේ ඥාණතිලක නායක හිමියන් තාවකාලිකව අටමස්ථානාධිපති ධුරයේ කටයුතු ආවරණය කිරීම සඳහා පත් කිරීමට අටමස්ථාන කමිටුව තීරණය කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn