එයාර් බස් මිල දී ගැනීම සම්බන්ධ මූල්‍ය අපරාධයේ දී ඩොලර් මිලියන 800ක මුදලක් සිංගප්පූරු බැංකු ගිණුමකින් නිමල් පෙරේරා නම් පුද්ගලයෙකුගේ ගිණුමකට බැර කිරීම දක්වා මහා පරිමාණ මූල්‍ය අපරාධයක් සිදු කර ඇති ආකාරය 2020 පෙබරවාරි 20 වෙනි දින පාර්ලිමේන්තුවේ දී හෙළි කර තිබිණි.
එවකට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ එරාන් වික්‍රමරත්න මේ බව හෙළි කර තිබුණේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට ඉදිරිපත් කළ සාක්ෂි පදනම් කර ගනිමිනි.
මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යන දෙදෙනාට එම මූල්‍ය අපරාධයෙන් කොටසක් ලබා දී ඇති බව මෙම පාර්ලිමේන්තු විවාදයේ දී අජිත් පී පෙරේරා ඇතුළු මන්ත්‍රීවරු හෙළි කර තිබිණි. රාජපක්ෂ පවුලේ සමීපතමයින් මෑත කාලයේ ප්‍රචාරය කර තිබුණේ මෙම මූල්‍ය අපරාධයට නාමල් සහ මහින්ද සම්බන්ධ බවට ප්‍රකාශයක් කරන ලෙස කපිල චන්ද්‍රසේනට මරණීය තර්ජන සිදු කළ බව ය.
එහෙත්, 2020 වසරේ දී බ්‍රිතාන්‍ය අධිකරණයක් විසින් ලබා දුන් නඩු තීන්දුවකින් මෙම මූල්‍ය අපරාධයට ශ්‍රී ලංකාවේ දේශපාලනඥයින් සහ ඔවුන්ගේ හිතවතුන් සම්බන්ධ බව තහවුරු කරනු ලැබීය.











