පසුගිය 2024 වසරේ ශිෂ්‍යත්ව විභාගයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් නියෝග ක්‍රියාත්මක කිරීම පැහැරහැරීම තුළින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වරදකරු කෙරුණු ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්යක්ෂ අයි.ජී.එස් ප්‍රේමතිලකට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 06ක සිර දඬුවම් නියම කර තිබේ.
ඊට අමතරව රුපියල් මිලියන 03ක දඩයක් නියම කළ විනිසුරු මඩුල්ල, එම දඩ මුදල ගෙවීම පැහැර හැරියහොත් අමතරව වසරක සිර දඬුවම් නියම කිරීමටද නියෝග කර ඇත.
පසුගිය 2024 වසරේ 05 ශ්‍ර්ණියේ ශිෂ්‍යත්ව විභාගයට අදාළ ප්‍රශ්න කලින් පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම විභාගය සඳහා පෙනී සිටි සිසුන්ගේ දෙමව්පියන් පිරිසක් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 04ක් විභාග කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් 2024 වසරේ දෙසැම්බර් මස 31 වැනිදා තීන්දුවක් ප්‍රකාශයට පත් කර තිබිණි. එම තීන්දුවට අනුව අදාළ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් අයි.ජී.එස් ප්‍රේමතිලක විසින් රුපියල් මිලියන තුනක මුදලක් සිය පෞද්ගලික මුදලින් රජයට ගෙවිය යුතු බවත්, අදාළ මුදල මෙම තීන්දුව නිකුත් කළ දින සිට සති හතරක් තුළ ගෙවා අවසන් කළ යුතු බවත් එම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු කර තිබිණි.
එහෙත් වගඋත්තරකරු විසින් එම නියෝගය ක්‍රියාත්මක නොකරීමෙන් ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ කටයුතු කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉල්ලීමක් ඉදිරිපත් තිබී ඇත.
ඒ අනුව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ඇතුළු ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩලක් විසින් ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්යක්ෂ අයි.ජී.එස් ප්‍රේමතිලකට මෙලෙස අවුරුදු 06ක සිරදඬුවම් නියම කර තිබේ.










