ඉන්ධන මිල ඉහළට

ඉන්ධන මිල ඉහළට

ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා ඇත.

ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින් දැක්වේ.

සුදු ඩීසල් ලීටරයක් රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර ඒ අනුව එහි නව මිල රුපියල් 392කි.

සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 15කින් ඉහළ දමා ඇති අතර ඒ අනුව එහි නව මිල රුපියල් 458කි.

පෙට්‍රල් 92 ලීටරයක් රුපියල් 12කින් ඉහළ දමා ඇති අතර ඒ අනුව එහි නව මිල රුපියල් 410කි.

පෙට්‍රල් 95 ලීටරයක් රුපියල් 15කින් ඉහළ දමා ඇති අතර ඒ අනුව එහි නව මිල රුපියල් 470කි.

එමෙන්ම භූමිතෙල් ලීටරටක් රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර ඒ අනුව එහි නව මිල රුපියල් 265කි

Facebook
Twitter
LinkedIn