ඕමාන් රාජ්‍යයේ ආරක්ෂක අංශ භාරයට ගෙන සිටි මෙරට ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ප්‍රභාත් මදුසංඛ හෙවත් `මිදිගම චූටි’ නැමැත්තා මේ වනවිට මෙරට පොලිස් නිලදාරීන් විසින් ලංකාවට රැගෙන විත් තිබේ.
ප්‍රභාත් මදුසංඛ හෙවත් `මිදිගම චූටි’ නැමැති මොහු දිවයිනේ සිදුවූ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු වන අතර අද අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හරහා මොහුව මෙරටට රැගෙන එන ලදී.
ඔහු මිනීමැරුම්, මංකොල්ලකෑම්, ගිනිඅවි සන්තකයෙහි තබා ගැනීම, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු චෝදනා රැසකට ශ්‍රී ලංකාවේ අධිකරණ කිහිපයකම චෝදනාවට ලක් වී සිටින්නෙකි.
ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ විසින් ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර තිබූ අතර, ඔහු ඕමානයේ සුපිරි හෝටලයක රැදී සිටියදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
ඒ අනුව ඔහු ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.










