ඉන්ධන ජාවාරම්කරුවන් සොයා දියත් කරන වැටලීම් ඉහළට

ඉන්ධන ජාවාරම්කරුවන් සොයා දියත් කරන වැටලීම් ඉහළට

රට තුළ ඉන්ධන අර්බුදයක් ඇති කිරීම සඳහා සැලසුම් සහගතව ක්‍රියා කළ පිරිස් සඟවා තබා ඇති ඉන්ධන තොග වැටලීමේ ක්‍රියාමාර්ග වේගවත් කර තිබේ.

මේ අනුව සිදු කළ වැටලීමක දී නීති විරෝධී ජංගම ඉන්ධන බෙදා හැරීමේ ජාවාරම්කරුවෙකු අත්තඩංගුවට ගනු ලැබීය. පසුගිය සිකුරාදා (27) වන විට ඩීසල් ලීටර් 44,473ක් සහ පෙට්‍රල් ලීටර් 2,014ක් අත්තඩංගුවට ගෙන තිබිණි.

මේ වනවිට රට තුළ ඉන්ධන අර්බුදය සාර්ථක ලෙස කළමනාකරණය කර ගෙන තිබේ. ඒ අතරතුර ජාවාරම්කරුවන් සොයා සිදු කරන වැටලීම් ඉහළ නැංවීම ද දිගටම සිදු කරන බව වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්