මාර්ගගත ක්‍රමයට වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ අයිතිය හෙට සිට

මාර්ගගත ක්‍රමයට වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ අයිතිය හෙට සිට

ශ්‍රී ලංකාවේ දූෂණ මර්දන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම සහ විනිවිදභාවයකින් යුතුව සිදු කිරීමේ අරමුණින් නිර්මාණය කරන ලද `වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම පිළිබඳ මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය’ හෙට (31) සිට විවෘත කරන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත ක්‍රියාවට නැංවීමේ ප්‍රමුඛ අවශ්‍යතාවක් ලෙස මෙම නව තාක්ෂණික පද්ධතිය හඳුන්වා දෙන බව එම කොමිසම සඳහන් කරයි.

මෙතෙක් ශ්‍රී ලංකාව තුළ වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම සිදු වූයේ මුද්‍රිත ආකෘති පත්‍ර අතින් සම්පූර්ණ කිරීම මඟින් වූ අතර, මෙම නව පද්ධතිය මගින් හුදෙක් පෝරමයක් මාර්ගගතව (Online) සම්පූර්ණ කිරීමක් පමණක් නොව, සමස්ත ක්‍රියාවලියම පූර්ණ ඩිජිටල්කරණයකට ලක් කර තිබේ.

වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේදී සිදු විය හැකි සාවද්‍ය තොරතුරු ඇතුළත් කිරීම් මෙන්ම, අසාමාන්‍ය ලෙස වත්කම් රැස් කිරීමේ තත්වයන් හඳුනා ගැනීම සඳහා අවශ්‍ය සත්‍යාපන පහසුකම් (Verification facilities)ද මෙහි අන්තර්ගත කර තිබීම විශේෂත්වයක් බව පැවසේ.

Facebook
Twitter
LinkedIn