සලේගේ නීතිඥයාගේ ශානිට එරෙහි  විරෝධය අධිකරණය ප්‍රතිකේෂපකරයි…

සලේගේ නීතිඥයාගේ ශානිට එරෙහි  විරෝධය අධිකරණය ප්‍රතිකේෂපකරයි…

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ පිළිබඳ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකරගෙන් ඉවත් කරන ලෙස සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අද (26) අධිකරණයෙන් ඉල්ලා තිබේ.

කොළඹ, කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.

මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මෙහිදී පෙන්වා දී ඇත්තේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වර්තමාන අධ්‍යක්ෂ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මුල සිටම විමර්ශන කළ නිලධාරියකු වන නිසා ඔහුව එම විමර්ශනවලින් ඉවත් කළ නොහැකි බවයි. මේ අතර සුරේෂ් සලේ සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාවට ප්‍රකාශයක් කළ දැනට විදේශගතව සිටින අසාද් මවුලානාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට උත්සාහ කරන ලෙසද මහෙස්ත්‍රාත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.

අප්‍රේල් 22දා නැවත මේ නඩුව කැඳවීමට නියමිත අතර, එදිනට සුරේෂ් සලේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද අධිකරණයෙන් නියෝග කර ඇත.

Facebook
Twitter
LinkedIn