මේ දිනවල කොළඹ අවට දැඩි හෙරෝයින් හිගයක් පවතින්නේයැයි පළවන ප්‍රවෘත්තියට කිසිදු පදනමක් නැති බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උසස් නිලධාරියෙකු හෙලිකලේය
මත්ද්‍රව්‍ය වැටලීමේදී සාමාන්‍යයෙන් අත්අඩංගුවට පත්වන සංඛ්‍යාවක්ම පසුගිය මාසයක පමණ කාලයක් තුල අත්අඩංගුවට පතිවී, හෙරෝයින්ද අත් අඩංගුවට ගෙන ඇතිබව ඔහු හෙලි කළේය.
මෙයට අමතරව ප්‍රබල දේශපාලන රුකවරණ ලබන නමගිය හෙරෝයින් ජාවාරම් කරැවන් කිසි වකු අත් අඩංගුවට ගෙන නැති බවද පැවසීය. තම කාර්යාංශයේ විමර්ශන අනුව හෙලිවූයේ රටතුල හෙරෝයින් සංසරනයේද අඩුවක් දක්නට නොලැබෙන බවය. මද්‍රව්‍ය ජාවාරම් කරැවන්ට ප්‍රබල දේශපාලකයන්ගේ රැකවර්ණය නොදෙන්නේ නම් රට තුල හෙරෝයින් ඇතුළු මත්ද්‍රව්‍ය සම්පූර්ණයෙන් මැඩලීමේ හැකියාව තමන්ට ඇති බව ඔහු පැවසීය.
හෙරෝයින් හිගය පිළිබද ප්‍රවෘත්ති වාර්ථා වල පදනම කුමක්දැයි ”ලංකා ටෲත්” කල විමසීමේදී ඔහු හෙලිකලේ එය දේශපාලන ප්‍රචාරයක් පමනක් විය හැකි බවය.









