කොළොම්බියාවේ වාමාංශික ෆාර්ක් කැරළි සංවිධානයේ නායක අල්ෆොන්සෝ කානෝ කොලොම්බියානු හමුදා ප්‍රහාරයකින් ඝාතනය කෙරිණි.
කානෝගේ ඝාතනය ලතින් අමෙරිකාවේ දීර්ඝතම ගරිල්ලා ව්‍යාපාරයට එල්ල වූ තවත් දරුණු පසුබෑමක් බව කොලොම්බියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.
කානෝ 2008 වසරේදි ෆාර්ක් කැරළි සංවිධානයේ නායකත්වයට පත් වුණේ එම සංවිධානයේ නිර්මාතෘවරයා මිය යෑමෙන් පසුවය.
කානෝගේ ඝාතනය කොලොම්බියානු ජනාධිපති යාන් මැනුවෙල් සැන්ටෝස් ලැබූ උපක්‍රමික ජයක් ලෙස සැලකේ.
කානෝ අල්ලා ගැනීම සඳහා නිසි තොරතුරක් ලබාදෙන පුද්ගලයෙකුට අමෙරිකානු ඩොලර් මිලයන 4ක ත්‍යාගයක් ලබාදෙන බව කොලොම්බියානු රජය මීට පෙර නිවේදනය කර තිබුණි.
කොලොම්බියාවේ නිරිත දිග කඳු ආශ්‍රීත ප්‍රදේශයක ක්‍රියාත්මක කෙරුණු හමුදා මෙහෙයුමකදි අල්ෆෝන්සෝ කානෝ ඝාතනය කර තිබේ.
ඔහුගේ ඝාතනය ෆර්ක් කැරළිකරුවන්ගේ දශක 05ක පමණ සන්නද්ධ අරගලය නිමාවකට පත් නොකරනු ඇතැයි දේශපාලන විචාරකත මතයයි.









