ජනාධිපති අනුර දිසානායකගේ නිල ආරාධනයක් අතිඋතුම් ශුද්දෝත්තම 14 වන ලියෝ (Leo XIV) පාප්වහන්සේ වෙත පිරිනමා ඇති බව වාර්තා වේ.
එම ආරාධනය මේ දිනවල යුරෝපයේ සංචාරයක නිරත සිටින අතර තුර ඉතාලියේ ලාංකිකයන් හමුවීම සඳහා එහි ගොස් සිටින ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන ඇමති බිමල් රත්නායක මගින් ලබාදී ඇත.
ඒ අනුව අද (02) වතිකානුවේදී, වතිකානුවේ රාජ්‍යයන් සමඟ සබඳතා පිළිබඳ උප ලේකම් Mihăiţă Blaj මාහිමිපාණන් හමුවී ජනාධිපති අනුර දිසානායක වෙනුවෙන් අතිඋතුම් ශුද්දෝත්තම 14 වන ලියෝ (Leo XIV) පාප්වහන්සේට ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා නිල වශයෙන් ආරාධනා කර තිබේ.
එම අවස්ථාවට ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති සත්‍ය රොද්‍රිගුද සම්බන්ද වී අත.





438










