ඇල්කඩුව රජයේ වැවිලි සමාගමත් ඉතිහාසයේ වැඩිම ලාභය වාර්තා කරයි….

ඇල්කඩුව රජයේ වැවිලි සමාගමත් ඉතිහාසයේ වැඩිම ලාභය වාර්තා කරයි….

ඇල්කඩුව රජයේ වැවිලි සමාගම ඉතිහාසයේ වැඩිම ලාභය 2025 වසරේදී වාර්තා කර තිබේ.

ඒ අනුව එහි සභාපති නිරෝෂන් කරුණාරත්න මාධ්‍ය වෙත කරුණු දක්වමින් අද (26) පැවසුවේ 2025 දී ආයතනය ශුද්ධ ලාභය ලෙස රුපියල් මිලියන 87ක් ලබාගෙන ඇති බවත් එය 2024ට සාපේක්ෂව 500%ක වර්ධනයක් බවත්ය.

මීට පෙර 2022 වසරේදී රුපියල් මිලියන 70ක ලාභයක් ලබා ඇති නමුත් ඒ වනවිට රුපියලට සාපේක්ෂව ඩොලරයේ ඉහළ යාම බලපෑ බව ඔහු පවසයි.

එමෙන්ම වසර 04කට පසු තේ වතු සඳහා පොහොර දැමීමද ගිය වසරේ සිදුකර තිබේ.

ඇල්කඩුව වැවිලි සමාගම වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සම්පූර්ණ රජයේ සමාගමකි.

මේ වනවිට ආයතනයේ කටයුතු ඩිජිටල්කරණය කර ඇති බවද සභාපති නිරෝෂන් කරුණාරත්න පවසයි. 

අමාත්‍යාංශය යටතේ තවත් ව්‍යාපෘති කිහිපයක ක්‍රියාත්මක කර තිබෙන අතර ඒවායෙහි ප්‍රතිලාභද ඉදිරියේදී ලැබෙනු ඇතැයිද ආයතනයේ මූල්‍ය ශක්තිය වැඩිවීමත් හේතුවෙන් වතු ප්‍රජාවගේ සනීපාරක්ෂක කටයුතු දියුණු කිරීමටද වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇතැයිද ඔහු තවදුරටත් අනාවරණය කළේය.

රජය විසින් වතු කම්කරු වැටුප් වැඩිකිරීම හේතුවෙන් වතු සේවකයින් රැකියාවට පැමිණීමේ වර්ධනයක්ද පෙන්නුම් කරන බවද සභාපති නිරෝෂන් කරුණාරත්න තව දුරටත් අනාවරණය කර සිටී.

Facebook
Twitter
LinkedIn