ගුරුවරුන් 23,000ක් මෙම වසර තුළ බඳවා ගන්නවා – අගමැති

ගුරුවරුන් 23,000ක් මෙම වසර තුළ බඳවා ගන්නවා – අගමැති

ගුරුවරුන් 23,000කට වැඩි පිරිසක් බඳවා ගැනීම සඳහා මේ වනවිට අනුමැතිය ලැබී ඇති බවත්, මෙම වසර තුළ එම බඳවා ගැනීමේ ක්‍රියාවලිය අවසන් කිරීමට පියවර ගනිමින් සිටින බවත් අගමැති ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

ඇය මේ බව පැවූවේ පසුගියදා පැවැති අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදීය.

ඒ අනුව, විවෘත සහ සීමිත පදනම යටතේ විභාග පවත්වමින් මෙලෙස උපාධිධාරීන් බඳවා ගැනීමට පියවර ගන්නා බව අගමැති ආචාර්ය හරිනි අමරසූරිය එහිදී සඳහන් කළාය

මේ තුළින් දැනට පවතින ගුරු හිඟය මෙන්ම ගුරු මාරුවීම් සම්බන්ධ ගැටලුද සැලකිය යුතු ලෙස අවම වනු ඇති බව ඇය සඳහන් කර සිටියාය.

Facebook
Twitter
LinkedIn