මෛත්‍රී වික්‍රමසිංහට FCIDයෙන් කැඳවීමක්…

මෛත්‍රී වික්‍රමසිංහට FCIDයෙන් කැඳවීමක්…

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා ඔහුගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහට මේ මස 20 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටින්නැයි දැනුම් දී තිබේ.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (18) දින කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත.

මේ අතර, 2023 වසරේ එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ බ්‍රිතාන්‍යයේ සිදුකළ පෞද්ගලික සංචාරයක් වෙනුවෙන් මුදල් අනුමත කිරීම තුළින් රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක අද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ඇප මත මුදාහරිනු ලැබීය.

Facebook
Twitter
LinkedIn