හත්වැනියාත් යන්න ගියා

හත්වැනියාත් යන්න ගියා

ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් සහිත ජනප්‍රිය සිනමා ධාරාව පෝෂණය කිරීමට විශාල මෙහෙයක් ඉටු කළ සේන සමරසිංහගේ අවසන් කටයුතු අද (31) සිදු කිරීමට සූදානම් කර තිබේ.

ඔහු අධ්‍යක්ෂණය කළ කස්තුරි සුවඳ චිත්‍රපටය මෙරට ජනප්‍රිය සිනමා ධාරාවේ විශේෂ කතා බහකට ලක් වී ඇත. එම සිනමා කෘතියේ ඇතුලත් ගීත කෙරෙහි රසිකයන්ගේ මෙන් ම විචාරකයන්ගේ ද විශේෂ අවධානයක් යොමු වී තිබිණි. එම ගීත සඳහා සඳහා සංගීත නිර්මාණ සැපයුවේ සරත් දසනායක ශූරීන් වන අතර, එම කෘතියට සුවිශේෂි චායකත්වයක් සැපයූ කලාකරුවන් 7 දෙනෙකු මේ වනවිට දිවි රඟ මඩලෙන් බැස ගොස් සිටිති.

සරත් දසනායක, එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලීන් ගුණතිලක, ගාමිණි ෆොන්සේකා, මාලනි ෆොන්සේකා, ෆ්‍රෙඩී සිල්වා මෙන් ම මේ වනවිට සේන සමරසිංහ ද අප අතර නොසිටී.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්