කොළඹ නගර සභා වාහනවලින් ඉන්ධන ඇද විකුණූ සේවකයින් දෙකක් අත්අඩංගුවට… වැඩත් තහනම්…

කොළඹ නගර සභා වාහනවලින් ඉන්ධන ඇද විකුණූ සේවකයින් දෙකක් අත්අඩංගුවට… වැඩත් තහනම්…

කොළඹ නගර සභාවේ වාහනවලින් ඉන්ධන ඉවත් කර විකුණූ සේවකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

ඉන්ධන ලීටර් 16ක් සමග අත්අඩංගුවට ගත් එම සේවකයින් දෙදෙනා වැඩ තහනමකටද ලක් කිරීමට නියමිතය.

දීර්ඝ කාලයක් තිස්සේ දිනපතා කරගෙන ගිය මෙම ජාවාරමට තවත් කොළඹ නගර සභාවේ සේවකයින් පිරිසක් සම්බන්ධ බවට සැක කෙරෙන අතර ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කැරෙන බවද වාර්තාවේ.

කොළඹ නගර සභාව තුළ කාලයක් තිස්සේ මෙවැනි වංචාවන් දිගින් දිගටම සිදුවෙමින් පවතින බවත් වංචාවට දූෂණයට සම්බන්ධ නගර සභා නිලධාරීන් සහ සේවකයින් සම්බන්ධයෙන් ඉදිරියට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර් පවසයි.

හොරකමට, වංචාට, දූෂණයට එරෙහි පාලනයක් ගොඩනගා ඇති බවත්, එම දේශපාලන සංස්කෘතිය අවසන් කර යහපත් දේශපාලන සංස්කෘතියක් බිහිකර ඇති බවත් සඳහන් කළ නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර් වැඩිදුටත් සඳහන් කළේ නගරයේ ජනතාවට අයත් දේපල අවභාවිතා කරන පුද්ගලින්ට සහ හොරකම්, වංචා, දූෂණයේ යෙදෙන පුද්ගලයින්ට කිසිදු සමාවක් නොදෙන බවය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්