‘සිරිලිය’ විමර්ශනය – ශිරන්ති හෙට FCIDයට

‘සිරිලිය’ විමර්ශනය – ශිරන්ති හෙට FCIDයට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ, ශිරන්ති රාජපක්ෂ හෙට (27) පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ශිරන්ති රාජපක්ෂ මෙලෙස කැඳවා ඇත්තේ, මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරය දැරූ සමයේ ‘සිරිලිය’ නමින් පවත්වාගෙන ගිය ගිණුමේ මූල්‍ය අක‍්‍රමිකතා සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන ක්‍රියාවලියට අදාළව මෙම ප්‍රකාශය ලබා ගැනීම සඳහා යැයිද වාර්තා වේ.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මේ සම්බන්ධයෙන් වන මූලික විමර්ශනයක් ආරම්භ කරන ලද්දේ යහපාලන ආණ්ඩුව සමයේය.

එම විමර්ශනයට අදාළව ශිරන්ති රාජපක්ෂගෙන් එකල පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයවෙත කැඳවා ප්‍රකාශ ලබා ගැනීමට යාමේදී හිටපු එම නිලධාරීන්ට සිදු වූයේ කථානායක නිල නිවසට ගොස් එම ප්‍රකාශය ලබා ගැනීමටය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්