පාසල්වල සුහුරු පුවරුවලට මවුපියන්ගෙන් මුදල් එකතු කරන්න අවශ්‍ය නැහැ… අධ්‍යාපන නියෝජ්‍ය ඇමති

පාසල්වල සුහුරු පුවරුවලට මවුපියන්ගෙන් මුදල් එකතු කරන්න අවශ්‍ය නැහැ… අධ්‍යාපන නියෝජ්‍ය ඇමති

පාසල්වල සුහුරු පුවරු (Smart Board) සඳහා මවුපියන්ගෙන් මුදල් එකතු කිරීම වැරැදි බව අධ්‍යාපන නියෝජ්‍ය ඇමති ආචාර්ය මධුර සෙනවිරත්න ඊයේ (23) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ මන්ත්‍රී බී ආරියවංශ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ද්විතීක පාසල් 6,000කට සූහුරු පුවරු ගැනීම සඳහා ආණ්ඩුව මුදල් යොදවා ඇති බවත් ඒවා ලබාදීමට රජය අනිවාර්යයෙන්ම වග කියන බවත් නියෝජ්‍ය ඇමති එහිදී පැවසීය.

මවුපියන්ට බරක් නොවන ආකාරයට ඒ සඳහා සියලු වියදම් දරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

පාසල් ප්‍රතිව්‍යුහගතකරණය කිරීම මේ වනවිට සිදුවෙමින් පවතින බව කී නියෝජ්‍ය ඇමති අධ්‍යාපන කොට්ඨාශයකට අදාලව පාසලක් දියුණු කිරීම මෙහි අරමුණ බවත් ප්‍රකාශ කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්