ලබන අයවැයෙන් වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා ජාතික වෘත්තීය සමිති ම්‍යස්ථානය මගින් පසුගිය දින වල රටපුරා අලවන ලද පෝස්ටර් සියල්ල ආණ්ඩුවේ නියෝග පිට පොලීසිය විසින් ගලවා ඉවත්කර ඇතැයි වාර්ථා වෙයි.
ඒ අනුව ගාල්ල නගරයේ සහ වැලිගම,මාතර,දික්වැල්ල,දෙවිනුවර දක්වාමත් සහ රටේ අනෙකුත් දිස්ත්‍රික්ක වල ප්‍රධාන නගරවලත් මෙලෙස පෝස්ටර් සියල්ල පොලිස් නිලධාරීන් විසින් ගලවා ඉවත් කර ඇත.
රජයේ සේවකයින් සදහා රුපියල් 10000කිනුත් පෞද්ගලික අංශය සදහා 40%කිනුත් වැටුප් වැඩිකරන ලෙස ආණ්ඩුවට බල කරමින් මෙම පෝස්ටරයේ සදහන්ව ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජාතික වෘත්තීය සමිති ම්‍යස්ථානයේ ප්‍රකාෂකයෙකු පවසා සිටියේ තමන්ට විසදාගත නොහැකි තරමේ ආර්ථික අර්බුදයක වෙලී සිටින ආණ්ඩුව වැඩකරන ජනතාව විසින් අලවන ලද පෝස්ටරයට පවා බියවී ඇති බවයි.
5









