ඉරාන රජයට එරෙහිව එරට තුළ උද්ගතව ඇති ප්‍රබල මහජන විරෝධතා මධ්‍යයේ, ටෙහෙරාන් අගනුවර රැඳී සිටි සමස්ත ශ්‍රී ලාංකිකයන් ආපසු මෙරටට එවීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
තානාපති කාර්යාල ආරංචි මාර්ගවලට අනුව, අගනුවර සේවය කළ ශ්‍රී ලාංකිකයන් 27 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම මේ වනවිට සුරක්ෂිතව මෙරටට පැමිණ ඇත.
පවතින තත්වය සැලකිල්ලට ගෙන ටෙහෙරාන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයද ‘රෂාට්’ නම් ප්‍රදේශයේ ආරක්ෂිත ස්ථානයක තාවකාලිකව පිහිටුවා තිබේ.
වර්තමාන තත්වය අනුව ටෙහෙරාන් නුවර කිසිදු ශ්‍රී ලාංකික සේවකයෙකු රැඳී නොසිටින අතර එහි සිටින්නේ තානාපති කාර්යාලයේ නිලධාරීන් පමණි.
211










