මහ මුහුදේ සිදුකරණ මත්ද්‍රව්‍ය ජාවාරම මඩින්නත් නව නීති

මහ මුහුදේ සිදුකරණ මත්ද්‍රව්‍ය ජාවාරම මඩින්නත් නව නීති

මහ මුහුදේදී අන්තරායදායක ඖෂධ වර්ග ජාවාරම් හා නිෂ්පාදන ක්‍රියාමාර්ග පාලනයට පවතින නීති සංශෝධනය කර නව නීති සහ විධි විධාන හඳුන්වා දීමට නියමිතය.

රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී මේ පිළිබඳ අවධානය යොමු විය.

එහිදී විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත් දෙක සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කර ඇති අතර පැමිණ සිටි කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරු ‍මෙම පනත් කෙටුම්පත්වලට ඇතුළත් විය යුතු තවත් සංශෝධන කිහිපයක්ද යෝජනා කර තිබේ.

ඒ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් ලබාගැනීම සහ අමාත්‍ය මණ්ඩල අනුමතිය සඳහා ඉදිරිපත් කිරීම සිදු කළ යුතු බව නිලධාරීහු පෙන්වා දී ඇත.

මේ අනුව, ඉදිරියේදී කාරක සභාව රැස්වී මේ සම්බන්ධයෙන් නැවත සමාලෝචනය කිරීමට තීරණය කර තිබේ.

එසේම, මෙහිදී රජයේ රස පරීක්ෂණ වාර්තා ප්‍රමාද වීම සම්බන්ධයෙන් සහ මත්ද්‍රව්‍ය ජාවාරමේදී eZ-cash සහ mCash යොදාගැනීම සම්බන්ධයෙන් වාර්තා වීම සම්බන්ධයෙන් ගත හැකි නීතිමය පියවර පිළිබඳව සාකච්ඡා කර ඇත.

Facebook
Twitter
LinkedIn