වෙළඳපළේ සම්බා සහ කීරි සම්බා හිඟයක් පවතින බවත් කැබිනට් මණ්ඩලයට වාර්තා කර නුදුරේදීම ඊට විසඳුමක් ලබා ගන්නා බවත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා ඇමති වසන්ත සමරසිංහ පවසයි.
ඔහු පවසන්නේ, කීරි සම්බා සහ සම්බා ආදේශක ලෙස පසුගිය දෙසැම්බර් මාසයේ සහල් මෙට්‍රික් ටොන් 64,000ක් ගෙනාවද එය ප්‍රමාණවත් නොවූ බවය.
විශේෂයෙන්ම දිට්වා ආපදාවෙන්ද කීරි සම්බා සහ සම්බා වී වගාවට යම් හානියක් වූ බවද වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා ඇමති වසන්ත සමරසිංහ වැඩිදුරටත් පවසයි.
159









