උණ්ඩ සහ තහනම් පිහි සමග දෙදෙනෙක් අත්අඩංගුවට

උණ්ඩ සහ තහනම් පිහි සමග දෙදෙනෙක් අත්අඩංගුවට

උණ්ඩ තොගයක් සහ සහ තහනම් පීහි කිහිපයක් සමග රත්මලානේදී පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් වූවන් අතර යුද හමුදාවේ හිටපු කොමන්ඩෝ සෙබළකුද බව පොලිසිය කියයි.

මෙම ජීව උණ්ඩ සහ තහනම් පීහි කිහිපය හමුවී ඇත්තේ රත්මලානේ කොන්ක්‍රීට් නිෂ්පාදන ආයතනයක සේවකයන් දෙදෙනකු නැවතී සිටි එම ආයතනයේ නේවාසිකාගාරයේ තිබී බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.

එම සැකකාර සේවකයන් දෙදෙනා සමඟ T56 ජිව උන්ඩ 07ක්, T56 හිස් උන්ඩ කොපු 02ක්, T56 පුහුණු උණ්ඩ 01ක් 9mm වර්ගයේ ජීවඋන්ඩ 17ක්, උල් පිහි 02ක් හා පාපැදී චේන් 01ක් මෙලෙස පොලිසිය සිය භාරයට ගෙන ඇත.

සැකකරුවන් සේවය කරන කොන්ක්‍රීට් ආයතනයේ කළමනාකරු විසින් වසරකට අවස්ථා කිහිපයකදී සේවයකින් නවාතැන් ගෙන සිටින නේවාසිකාගාරය පරික්ෂා කරන අතර පෙරේදා (14) නේවාසිකාගාරය පරික්ෂා කිරීමේදී සැකකරුවන් දෙදෙනාගේ ලොකර් වල තිබී මෙම මෙම ජීව උණ්ඩ සා තහනම් පීහි හමුවී ඇතැයි පොලිසිය කියයි.

Facebook
Twitter
LinkedIn