මතුගම සජබ සභාපති යළි අත්අඩංගුවට

මතුගම සජබ සභාපති යළි අත්අඩංගුවට

මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම් නෙලු නිශාන්ති ඉද්දම‍ල්ගොඩගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියකට අදාළව එහි සභාපති කසුන් මුණසිංහ අද (02) මතුගම පොලිසිය විසින් යළි අත්අඩංගුවට ගනු ලැබීය.

මතුගම ප්‍රාදේශීය සභාවේ බලය හොබවන්නේ සමගි ජන බලවේගය ඇතුළු කණ්ඩායමක් විසිනි.

තමන් අද උදෑසන රාජකාරියට වාර්තා ක අවස්ථාවේ ප්‍රාදේශීය සභාවේ සභාපති එහි ලේකම්ගේ රාජකාරියට බාධා කර තිබේ. ඒ අනුව තමන්ට සභාවේ රාජකාරි කරගෙනයාමට සභාපති බාධා කරන බව සඳහන් කරමින් ලේකම් නෙලු නිශාන්ති ඉද්දම‍ල්ගොඩ මතුගම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

එම පැමිණිල්ලට අනුව මතුගම පොලිස්ථානයේ නිලධාරීන් සභාවට පැමිණ සභාපති අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී පොලිස් රාජකාරියටද බාධා කරමින් පිරිසක් ඉතා කලහකාරී ලෙස කටයුතු කර තිබේ. එම අවස්ථාවේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානද මතුගම ප්‍රාදේශීය සභා පරිශ්‍රයට පැමිණ සිටිණු දක්නට ලැබිණි.

කෙසේ වෙතත් මෙලෙස අත්අඩංගුවට ගත් සභාපති කසුන් මුණසිංහ මතුගම අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව පොලිසිය පවසයි.

මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති මීට පෙරද එම ලේකම්ට පහරදීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටින්නෙකි.

Facebook
Twitter
LinkedIn