කින්නියා පොලිස් ස්ථානයේ SI අල්ලස් දැලට කොටුවෙයි

කින්නියා පොලිස් ස්ථානයේ SI අල්ලස් දැලට කොටුවෙයි

කින්නියා පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සදහන් කරයි.

කින්නියා ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව, පැමිණිලිකරුට පහරදීමක් සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ලකට අදාලව සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඉතිරි සැකකරුවන් අත්අඩංගුවට ගෙන නීතිමය කටයුතු කිරීම සදහා අල්ලස් වශයෙන් රුපියල් 10,000ක මුදලක් ඉල්ලා, එම මුදල වෙනත් අයෙකු මාර්ගයෙන් ලබාගැනීමට කටයුතු කර ඇත.

එහි දී කින්නියා පොලිස් ස්ථානයේ අදාළ සැකකාර උප පොලිස් පරික්ෂක, එම පොලිස් ස්ථානයේම විවිධ පැමිණිලි අංශය තුළ දී ඊයේ (31) පස්වරුවේ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු අද (01) ත්‍රිකුණමලය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Facebook
Twitter
LinkedIn