රාජ්‍ය දේපළ අවභාවිතා කිරීමේ චෝදනා යටතේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගත් හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත්‍රයා වන හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රී ජොහාන් ප්‍රනාන්දු ගෙන අධිකරණය වෙත ඉදිරපත් කිරීමෙන් පසු ජනවාරි 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඊට අමතරව ඔහු සමග අත්අඩංගුවට ගත් සතොස ආයතනයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ ධුරයක කටයුතු කළ පුද්ගලයෙකුද රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
ඒ ඔහු අද (31) වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරීමෙන් පසුවය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරන්නේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙළඳ ඇමතිව සිටියදී සතොස ආයතනය යටතේ පැවති ලොරි රථයක් සහ තවත් වාහන කිහිපයක් සාපරාධි ලෙස අවභාවිත කිරීම, එම ආයතනයේ වැටුප් හා දීමනා ගෙවීමේදී සිදුව ඇති අක්‍රමිකතා සහ කූඨ ලේඛන සකස් කිරීම යන කරුණු මොවුන්ට විරුද්ධව සිදු කරන විමර්ශනවලදී අනාවරණය වී ඇති බවය.










