ත්‍රෛනිකායික මහා නා හිමිවරුන්ගේ ඉල්ලීම පරිදි මෙවර වෙසක් පුර පසලොස්වක පොහෝ දිනය සංශෝධනය කරන බවත් එය ඉදිරියේදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බවත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන ඇමති ඇමති මහාචාර්ය චන්දන අබේරත්න පවසයි.
2026 මැයි මස 30වැනි දිනට යෙදෙන පුර පසළොස්වක දිනය වෙසක් පුර පසළොස්වක පොහොය දිනය ලෙස ප්‍රකාශයට පත්කිරීම සුදුසු බව ත්‍රෛනිකායික මහනායක හිමිවරු ජනාධිපති අනුර දිසානායක වෙත ලිපියක් යොමු කරමින් පැවසුවේය.
ත්‍රෛනිකායික මහ නා හිමිවරු පෙන්වා දෙන්නේ 2026 මැයි 01 වැනි දින සහ මැයි 30වැනි දින යන දෙදිනම පසළොස්වක හොහොය යෙදෙන නමුත් විනා නැකත යෙදෙන්නේ මැයි 30 වනදාට බවය. මෙම වර්ශයේ මැයි 30 වැනිදා අධි පොසොන් පුර පළොස්වක පොහොය දිනය යෙදී ඇත.
Views: 0










