වඩා කාර්යක්ෂම හා දියුණු තත්වයකට පශු සම්පත් ක්ෂේත්රය ගෙන ඒම උදෙසා ක්ෂේත්රයට අදාළ නොයෙක් අංශ කෙරෙහි විශේෂ අවධානයක් ආණ්ඩුව යොමුකොට ඇත.
එහි එක් විශේෂ අංශයක් වශයෙන් NLDB ගොවිපළවල් දියුණු කිරීම අරමුණු කරගෙන ඇති අතර එහි විශේෂ ගොවිපළක් වන දිගන මහබේරියතැන්න ප්‍රදේශයේ පිහිටා ඇති ගොවිපළ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමති කේ.ඩී ලාල්කාන්තගේ නිරීක්ෂණයට ලක් විය.
මෙහිදී NLDB නිෂ්පාදන සහිත අලවිසැලක්ද ආයතනය විසින් පවත්වාගෙන යන අතර, ඒ හා සමගාමීව විදේශ සංචාරකයන් අරමුණු කොට ගෙන Coffee Shop ස්ථානයක්ද පවත්වාගෙන යයි. ලෝකයෙන්ම ශ්‍රී ලංකාවට පමණක් ආවේණික කෝපි විශේෂයක් මෙහිදී ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණයි. මෙම ප්රභේදයන් තවත් වැඩිදියුණු කොට සංචාරක ආකර්ෂණය ලබා ගැනීම සඳහා ආණ්ඩුව පාර්ශ්වයෙන් සිදු විය යුතු කාරණා කෙරෙහි ඇමති ලාල්කාන්තගේ අවධානය යොමු වූ අතර, එහි නිලධාරීන් සමඟ මේ පිළිබඳව සාකච්ඡා විය.
දිට්වා සුළි කුණාටුවෙන් පසු මෙහි ඇති බැටළු ගාල් පිළිබඳවද ඔහු විශේෂ නිරීක්ෂණයක් සිදු කළේය. කුණාටුවෙන් යම් බලපෑමක් සිදුවුවත් කිසිදු සතෙකුට හානියක් සිදුව නැති අතර, සතුන් ප්‍රමාණය වැඩිකොට ගොවිපළ ආදායම ඉහළට ගෙන ඒම පිළිබඳව ආයතන ප්‍රධානීන් සමඟ සාකච්ඡා කළේය.
නව සේවකයන් බඳවා ගැනීම පිළිබඳවත්, ගාල් ප්‍රමාණය වැඩිකොට සතුන් ප්‍රමාණය වැඩි කිරීමට ආණ්ඩුව පාර්ශවයෙන් ලැබිය යුතු අවශ්‍ය සියල්ල ලබා ගැනීමට නිලධාරීන් සමඟ සාකච්ඡා කොට අමාත්‍යංශය දැනුවත් කරන ලෙසත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමති කේ.ඩී ලාල්කාන්ත ප්‍රකාශ කළ අතර, මෙම අවස්ථාවට ගොවිපළේ පාලන අංශය සහ කෘෂිකර්ම අමාත්‍යංශයේ නිලධාරීන් කිහිප දෙනෙක් සහභාගි විය.

















