නව වසරට අලුත්ම ජවයක්

නව වසරට අලුත්ම ජවයක්

රට යළි ගොඩනැගීමේ මහා මෙහෙයුම සඳහා ජනතාව තව තවත් එක් රැස් වෙමින් සිටින බව විවිධ වාර්තාවලින් තහවුරු වී තිබේ.

විශේෂයෙන් ම, ජාතික ජන බලවේගයේ ශ්‍රම කණ්ඩායම් විශේෂ මෙහෙයුම් සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලට අඛණ්ඩව සහභාගී වෙමින් සිටිති. මෙම කණ්ඩායම් සමඟ අත්වැල් බැඳ ගනිමින් වැඩ කිරීමට ආපදාවට පත් වූ ප්‍රදේශවල ජනතාව ද විශාල වශයෙන් එක් වෙමින් සිටින බවත් වාර්තා වේ.

මහා මාර්ග ඉදිකිරීම්, ඇල වේලිවල බාධක ඉවත් කිරීම් සහ ඉදි කිරීම්, වැව් අමුණු ප්‍රතිසංස්කරණය කිරීම් සඳහා විශේෂ අවධානය යොමු වී තිබේ. ඊට අමතරව, හානි වූ කුඹුරු සහ වෙනත් කෘෂිකාර්මික බිම් යථා තත්වයට පත් කිරීම සඳහා ද සැලසුම් සහගත ක්‍රියාමාර්ග දියත් කර ඇත.

පොදුවේ එම සියළු කටයුතු සඳහා සමස්ත ශ්‍රී ලාංකික ජනතාව ම එකාවන්ව පෙළ ගැසී සිටීම මගින් උදා වන නව වසර පිළිබඳව පුනරුදයේ අපේක්ෂා කුලුගැන්වී ඇති බව තහවුරු වී තිබේ. ආපදාවට පත් වූ ජනතාව සඳහා ලබා දෙන ලද වියලි ආහාර මලු මෙම ශ්‍රම කණ්ඩායම්වල ආහාර පාන වෙනුවෙන් පරිත්‍යාග කිරීමට තරම් හෘදයාංගම වී ඇති බව බොහෝ ප්‍රදේශවලින් වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn