316න් 302ක් ගොඩ

316න් 302ක් ගොඩ

මුළු රටම මුහුණ දුන් දරුණු ව්‍යසනයෙන් ප්‍රධාන මාර්ග 316ක් විනාශ වූ අතර, එයින් 302ක් යළි ගමනාගමනයට සුදුසු පරිදි විවෘත කිරීමට මේ වනවිට සමත් වී ඇත.

ඉදිරි සතිය තුළ තවත් මාර්ග ගණනාවක් විවෘත කිරීමට අදාළ ගොඩ නැංවීම් යුහුසුලු ව සිදු කෙරෙමින් පවතී.

ඊයේ (28) සවස් වනවිට බදුල්ල ස්ප්‍රින්වැලි ප්‍රධාන මාර්ගයේ තාවකාලික බේලි පාලමක් (Bailey Bridge) ඉදිකිරීමේ කටයුතු අවසන් කර තිබිණි. ඒ සම්බන්ධයෙන් ෆේස්බුක් අවකාශයේ පළ කර තිබූ සටහනක් සහ ඡායාරූප උපුටා ගෙන පහත පළ කෙරේ.

බදුල්ල – ස්ප්‍රිංවැලි මාර්ගයේ බේලි පාලමේ වැඩ අවසන් අදියරේ!

​පසුගියදා ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් බදුල්ල – ස්ප්‍රිංවැලි මාර්ගයේ ස්ප්‍රිංවැලි ප්‍රදේශයේදී දැඩි ලෙස හානි වී විනාශ වූ පාලම වෙනුවට විකල්ප පාලමක් ලෙස බේලි පාලමක් (Bailey Bridge) ඉදිකිරීමේ කටයුතු මේ වන විට අවසන් අදියරට සදහා පැමිණ ඇත.

​මාර්ග සංවර්ධන අධිකාරියට (RDA) අයත් මෙම මාර්ගය, ප්‍රදේශයේ ජනතාවගේ දෛනික අවශ්‍යතා මෙන්ම වතු ක්ෂේත්‍රයේ ප්‍රවාහන කටයුතු සඳහාද අතිශය වැදගත් මාර්ගයකි. පාලම විනාශ වීම හේතුවෙන් පොදු ප්‍රවාහන කටයුතු මුළුමනින්ම අඩාල වී තිබුණි.

ඊයෙ (27) දින බේලි පාලම සකසා ඇති අතර කඩිනමින් පාලමේ සියළු වැඩ අවසන් කර වාහන ධාවනයට අවස්ථාව සලසා දීමට මාර්ග සංවර්ධන අධිකාරිය බලාපොරොත්තු වේ.

Facebook
Twitter
LinkedIn