දකුණු මුහුදු ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය සමඟ නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාව අද (24) උදෑසන 6.00 පමණ දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන විත් ඇති බවත් එහි තිබී සොයාගත් මලු 11ක බහා තිබූ මත්ද්‍රව්‍ය අයිස් හා හෙරොයින් බවට හඳුනාගෙන ඇති බව නාවික හමුදාව පවසයි.
බහුදින ධීවර යත්‍රාවේ සිටි පුද්ගලයින් 05 දෙනෙකුද නාවික හමුදා භාරයට ගෙන තිබේ.
මෙම යාත්‍රාව ගන්දරින් පිටත්ව ගොස් තිබූ බව මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත.
මත්ද්‍රව්‍ය තොගයේ ප්‍රමාණය හා වටිනාකම මේ වනතෙක් ගණනය කර නොමැති බව සඳහන් වේ.
Views: 0










