රු. කෝටි 14කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

රු. කෝටි 14කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

සුඛෝ භෝගී හෝටල් කාමර සහ නිවාස කුලී පදනම මත ලබාගෙන මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු රුපියල් කෝටි 14කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි.

එම සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබී කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01යි ග්‍රෑම් 56ක් (1.56Kg) හොරෙයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01යි ගෑම් 212ක් (1.212Kg) හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 04යි ග්‍රෑම් 116ක් (4.116Kg) පොලිස් භාරයට ගෙන ඇත.

කොළඹ 06 වැල්ලවත්ත ඩබ්ලිව් ඒ.ද සිල්වා මාවතේ කුලියට ගත් සුඛෝභෝගී නිවසක් තුළ පුද්ගලයකු මත්ද්‍රවය ජාවාරම සිදු කරන බවට කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපතිට ලද රහසිගත තොරතුරකට අනුව එම නිවස වටලා එහි සිටි පුද්ගලයා අත්අඩංගුවට ගෙන සිදු කළ පරීක්ෂාවේදී ඔහු සන්තකයේ තිබී හොරෙයින් මත්කුඩු ග්‍රෑම් 116ක් සොයා ගැනීමට හැකි වී ඇත.

එම සැකකරුගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී ඔහුගේ වැඩිමහල් සහෝදරයා කඩවත දලුව මිහිඳු මාවතේ හෝටලයක මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන රැඳී සිටින බවට අනාවරණය කිරීමෙන් අනතුරුව එම හෝටලය වටලා සැකකරු අත්අඩංගුවට ගෙන සිදු කළ පරීක්ෂාවේදී ඔහු සන්තකයේ තිබී කොකේන්, අයිස් හා හොරෙයින් මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn