ජනාධිපති අරමුදල ජනතාවගේ එදිනෙදා භාවිතයට ගැනෙන වචනයක් වූණේ මේ වසරේ සිටයි – කථානායක

ජනාධිපති අරමුදල ජනතාවගේ එදිනෙදා භාවිතයට ගැනෙන වචනයක් වූණේ මේ වසරේ සිටයි – කථානායක

ජනාධිපති අරමුදල ජනතාවගේ එදිනෙදා භාවිතයට ගැනෙන වචනයක් වූණේ මේ වසරේ සිට යැයි කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කළේ 2024 වසරේ අපොස උසස් පෙළ විශිෂ්ඨයින් ඇගයීම වෙනුවෙන් දෙසැම්බර් 21 දින කිලනොච්චිය, ඉරණමඩු යුද හමුදා කඳවුරේ නෙළුම් පියස ශාලාවේ පැවති උතුරු පළාතේ දූදරුවන් වෙත ශිෂ්‍යත්ව පිරිනැමීමේ අවස්ථාවට එක්වෙමිණි.

උතුරු පළාතේ යාපනය, කිළිනොච්චිය, මන්නාරම සහ වව්නියා දිස්ත්‍රික් නියෝජනය කරමින් 2024 වසරේ උසස්පෙළ විශිෂ්ඨ ලෙස සමත් දරුවන් 300 දෙනෙක් වෙත මෙහිදී ශිෂ්‍යත්ව පිරිනැමිනි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න,

“වසර 44ක කාලයක් ලංකාවෙි ක්‍රියාත්මක වුණත් එහි සැබෑ කාර්යය ඉටුවෙමින් තිබෙන්නේ 2025 ජනවාරි ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමෙන් අනතුරුවයි.  එහිදී තීරණය කළා ජනාධිපති අරමුදලේ කටයුතු ප්‍රාදේශිය ලේකම් කාර්යාල මට්ටමින් සිදු කරන්න එය අපි 2025 පෙබරවාරි වනවිට ක්‍රියාත්මක කළා.

පසුගිය මාස 11 තුල ප්‍රාදේශිය ලේකම් කාර්යල හරහා අයදුම්පත් 4200ක් ලැබුණා. උතුරු පළාතෙන් පමණක් අයදුම්පත් 200ක් ලැබුණා. ඉස්සර ජනාධිපති අරමුදලෙන් ප්‍රතිලාභ ඉල්ලුවේ ලංකාවෙන්ම  පනහක් හෝ හැටක් පමණයි.

මිලියන 4899ක් මෙවර ජනාධිපති අරමුදලෙන් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කර තිබෙනවා, බිලියන 6112ක් රටේ ජනතාව වෙනුවෙන් මේ වසරේ වෙන් කළා.”

උතුරු පළාත් ආණ්ඩුකාර රාමලිංගම් වේදනායගම්, ධිවර හා ජලජ සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන්, වෙළඳ  නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ශ්‍රි භවනේනද්‍ර රාජා, ඉලන් කුමාර්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අත්රේක ලේකම් රෝෂන් ගමගේ, පළාත් සභා ලේකම්තුමන්, දිස්ත්‍රික් ලේකම් තුමන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ශිෂ්‍යත්වලාභින්, දෙමාව්පියන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Facebook
Twitter
LinkedIn