ඉන්දීය රජයෙන් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 450ක සහන පැකේජයක්

ඉන්දීය රජයෙන් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 450ක සහන පැකේජයක්

`දිට්වා’ සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වූ ප්‍රදේශ යළි ගොඩනැගීම සඳහා ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 450ක ප්‍රතිසංස්කරණ සහන පැකේජයක් ලබා දෙන බව ඉන්දීය විදේශ ඇමති ආචාර්ය එස්. ජයශංකර් ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කළේය.

එම පැකේජයට අමෙරිකානු ඩොලර් මිලියන 350ක සහනධායී ණය සහ අමෙරිකානු ඩොලර් මිලියන 100ක ප්‍රදාන ඇතුළත් බව ඔහු අවධාරණය කළේය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ විශේෂ නියෝජිතයෙකු ලෙස ඔහු මෙම සංචාරය සිදුකරන අතර ‍’දිට්වා’ සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වූ ශ්‍රී ලංකාවට ඉන්දීය රජයේ සහයෝගය තවදුරටත් තහවුරු කිරීම ඉන්දීය විදේශ ඇමතිගේ සංචාරයේ අරමුණ වෙයි.

Facebook
Twitter
LinkedIn