කුමන්ත්‍රණවලට රැවටෙන්න එපා; ඇත්ත මෙන්න

කුමන්ත්‍රණවලට රැවටෙන්න එපා; ඇත්ත මෙන්න

ඌව පරණගම මැතිවරණ කොට්ඨාසයේ මස්පන්න ප්‍රදේශයේ සිදු වූ දරුණු නායයාම නිසා පිවිසුම් මාර්ග සම්පූර්ණයෙන් ම විනාශ වී ගිය අතර, එම මාර්ග වේගයෙන් ප්‍රතිසංස්කරණය කරමින් පවතී.

එසේ ගොඩනැගෙමින් තිබෙන අතර, සංවිධානාත්මක පිරිසක් ව්‍යාජ ප්‍රචාර ගෙන යමින් එම ප්‍රදේශයේ ජනතාව පිළිබඳව කිසිවෙකුත් සොයා නොබලන බවට චෝදනා නැගීය. එහෙත්, මෙයට සතියකට පමණ පෙර පස් කන්දට යට වී තිබූ බස් රථ පවා ගොඩ ගනිමින් ප්‍රවේශ මාර්ග යළි ගොඩ නගනු ලැබීය. විනාශයේ දරුණු තත්වය හමුවේ යම් ප්‍රමාදයක් පැවතිය ද මෙහෙයුම් කටයුතු අඛණ්ඩව සිදු කරන ආකාරය හෙළි කරන වීඩියෝවක් පහතින් දැක්වේ.

Facebook
Twitter
LinkedIn